ප්‍රධාන විදෙස් තේ ගැණුම්කරුවන් පිරිසක් දිවයිනට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ ආරාධනයකට අනුව, මෙරට ප්‍රධාන තේ ගැණුම්කරුවන් වන රුසියාව, කසකස්ථානය සහ අසර්බයිජානය නියෝජනය කරමින් තේ ව්‍යාපාරිකයින් පිරිසක් ලබන මාසයේ ( ඔක්තෝම්බර්) දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන් වේ.

ඒ සඳහා සහභාගී වන්නේ,ලබාදී ඇති විකුණුම් ඉලක්ක සපුරා ගත්, විදෙස් ගැණුම්කරුවන් 50 දෙනෙකු බව ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය පවසයි.

ලංකා තේ ප්‍රවර්ධනය වෙනුවෙන් වෙළෙඳපොළ තුළ ලැබූ ප්‍රගතිය ඇගයීමට ලක් කරමින් ඔවුන් සඳහා සම්මාන ප්‍රදානය කිරීමට ද නියමිත අතර, මෙරට රැඳී සිටින කාලය තුළ ඔවුන්, තේ වගා බිම් මෙන්ම කර්මාන්තශාලා ද නිරීක්ෂණය කිටීමටද නියමිත බව සඳහන් වේ.

ලංකා තේ ජාත්‍යන්තරය තුළ තවත් ප්‍රචලිත කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය විසින් මෙය සංවිධානය කරනු ලබයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට 27 වසරක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 26: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ...

කාලෙකට පස්සෙ විශිෂ්ඨ ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: සෑහෙන කාලයකට පසුව ශ්‍රී...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි – අද (26) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු...

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව

මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්...