තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට ඉන්දීය පුරවැසිභාවය ලබාදීමට යයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තමිල්නාඩු රජය විසින් පිහිටුවන ලද මණ්ඩලයක් මගින්, තමිල්නාඩු ප්‍රාන්තය පුරා කඳවුරුවල සහ ඉන් පිටත වාසය කරන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවෙන් වන අතුරු වාර්තාවක් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාර්ලින් මහාතා වෙත ඊයේ (29) දිනයේදී භාර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එමගින් තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඉන්දීය පුරවැසිභාවය ලබාදීමේ ක්‍රමවේදයක් සලකා බලා ඇති අතර , ඒ සම්බන්ධයෙන් වන යම්යම් නිර්දේශ ද අදාළ අතුරු වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එහිදී තමිල්නාඩුවේ ජීවත්වන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නවලට සහ පුරවැසිභාවය සඳහා වන නීතිමය කරුණු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

පසුගිය වසර දෙක තුළ කඳවුරුවලින් එක්රැස්කරගත් දත්ත අධ්‍යයනය කිරීමෙන් සහ මේ සම්බන්ධයෙන් වන අනෙකුත් තොරතුරු තක්සේරු කිරීමෙන් අනතුරුව අදාළ වාර්තාව ඉදිරිපත් කළ බව එම කමිටුව ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති අතර, අදාළ වාර්තාවට අනුව පුරවැසිභාවය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග, තමිල්නාඩුවේ ඉන්දියානු ජන ජීවිතයට ඔවුන් ඒකාබද්ධ කිරීම සඳහා ගතයුතු පියවර මෙන්ම නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව සඳහන් වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...