ජනපති රනිල්ගෙන් මාලදිවයිනේ නව ජනපති මුයිසුට උණුසුම් සුබ පැතුම්

Date:

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිරිනමා තිබේ.

මොහොමඩ් මුයිසු මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස තම සුබපැතුම් පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් දෙරට අතර පවත්නා සමීප සහ සුහද ද්විපාර්ශ්වික සබඳතා නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ පාලන කාලය තුළ තවදුරටත් ශක්තිමත් සහ බහුවිධ හවුල්කාරිත්වයක් බවට පත් කර ගැනීම සම්බන්ධයෙන් තමන් තුළ ඇති කැමැත්ත ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

එසේම අධ්‍යාපන, සෞඛ්‍ය මෙන්ම ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන යන ක්ෂේත්‍ර ආවරණය කරමින් ආර්ථික සහයෝගිතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද පවසා ඇත.

නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ පාලන කාලය තුළ මාලදිවයිනට සමෘද්ධිය උදාවනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින රජයට සහ එරට සියලු සහෝදර ජනතාවට ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ හෘදයාංගම සුභාශිංසන පළ කරන බවද සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තැපැල් සේවකයින් අදත් වැඩවර්ජනයේ

සටහන - රුවන් නෙළුගොල්ල තැපැල් සේවකයින් ආරම්භ කර ඇති දීප...

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...