සාෆිගේ පෙත්සම සලකා බැලීම සඳහා දින නියම වෙයි

Date:

අසත්‍ය චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ තමන්ට හිමි හිග වැටුප් හා දීමනා ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂිහාබ්දීන් මොහමඩ් සාෆි මහතා ගොනු කළ රීට් පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කර තිබෙනවා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා හමුවේ කැඳවා තිබිණි. විනිසුරුවරයා නියෝග කළේ මාර්තු 04 වැනිදා පෙත්සම සලකා බැලීමටයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ තමන් නීතිවිරෝධී වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා කරමින් අනිවාර්ය නිවාඩු යැවූ බව සාෆි වෛද්‍යවරයා සිය පෙත්සමෙන් කියා සිටිනවා. තමන්ට හිමි වැටුප් හා දීමනා මේ වනතෙක් ගෙවා නොමැති බව පෙන්වා දෙන වෛද්‍යවරයා ඉල්ලා සිටින්නේ හිග වැටුප් හා දීමනා ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව, එහි හිටපු අධ්‍යක්ෂ ඒ.එම්.එස්.වීර බණ්ඩාර, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබේ.

පෙත්සම්කාර වෛද්‍යවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥයන් පෙන්වා දුන්නේ පෙත්සම්කරුට එරෙහිව මූලික විනය පරීක්ෂණ කුරුණැගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා විසින් සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවයි. ඔහු පක්ෂපාතී පුද්ගලයෙකු බවත්, ඔහුගේ පක්ෂපාතීත්වය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමට කරුණු දක්වා ඇති බවත් නීතිඥවරුන් පෙන්වා දෙනවා.
සහ
නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වලන්ති ප්‍රකාරව රාජ්‍ය සේවා කොමිසම හමුවේ පවතින කරුණක් සම්බන්ධයෙන් සලකා බැලීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරයා තීරණය කළේ මාර්තු මස 04 වැනිදා පෙත්සම සලකා බැලීමටයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...

පොලිස්පතිගේ අලුත් අංකයට පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දුන් නව...