සුඛෝපභෝගී නිවසක අයිතිය සම්බන්ධ නඩුවකට ඥානසාර හිමිට නොතීසි

Date:

බම්බලපිටිය ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක පිහිටි නිවසක අයිතිය සම්බන්ධයෙන් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළව කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු තිදෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා විසින් නොතීසි නිකුත් කර තිබේ.

ඒ, බම්බලපිටිය ශ්‍රබරි ගාඩ්න්ස් හි නිවසක පදිංචි ඉනෝකා චන්දිමා සේනානායක යන අය විසින් ගොනු කර ඇති පෙත්සමක් ඊයේ (02) කැඳවූ අවස්ථාවේදී ය.

ඇමරිකාවේ පදිංචි සිය නැන්දණිය විසින් තමන්ට නීත්‍යානුකූලව පවරා ඇති මෙම නිවසට තමන්ට ඇතුළු වීමට ඉඩ නොදී ඥානසාර හිමි, එහිමියන්ගේ ගෝල හිමි වන දයාශීල හිමි සහ අදාළ නිවාස සංකීර්ණයේ කමිටු සභාපතිවරයා වන සිල්වෙස්ටර් යන ක්‍රියාකරන බවත් තමන්ට නීත්‍යානුකූලව පැවරී ඇති මෙම දේපළ භුක්ති විඳීමට නොදී බලහත්කාරයෙන් අයිතිකර ගැනීමට මෙම වග උත්තරකරුවන් කටයුතු කරන බවත් පෙත්සම්කාරිය සඳහන් කර ඇත.

මෙම දේපළ විකුණා එම මුදලින් චෛත්‍යයක් ගොඩනඟන්නැයි දේපළ හිමිකරුවන් තමන්ට පවසා ඇතැයි ඥානසාර හිමියන් පවසන බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...