බැංකොක් නඟර මධ්‍යයේ සාප්පු සංකීර්ණයක වෙඩි තැබීමක්!

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නගර මධ්‍යයේ පිහිටි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියයාමෙන් පසු සැකපිට 14 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ නගරයේ වඩාත් ප්‍රසිද්ධ වෙළඳ සංකීර්ණයක් වන සහ ආසියාවේ වැඩිපුරම නැරඹුම් ස්ථානයක් වන සියම් පැරගන් වෙළඳ සංකීර්ණයේ ය.

මියගිය අය චීනයේ සහ මියන්මාරයේ සිට පැමිණි අය බව තායිලන්ත පොලිස් ප්‍රධානියා පැවසීය.

සැකකරු නිළධාරීන්ට භාර වී ඇති අතර, ඔහු අත් තුවක්කුවක් භාවිතා කර ඇති බව පොලිසිය පවසයි.

එක් ලාඕ ජාතිකයෙක්, එක් චීන ජාතිකයෙක් සහ තායිලන්ත ජාතිකයින් තිදෙනෙක් තුවාල ලැබූවන් අතර වේ.

මියගිය අයගෙන් එක් අයෙක් චීන ජාතිකයෙකු වන අතර අනෙක් පුද්ගලයා සාප්පුවේ සේවය කළ බුරුම ජාතිකයෙකු බව ජාතික පොලිස් ප්‍රධානී Torsak Sukvimol ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ප්‍රාදේශීය වේලාවෙන් 17:10ට පොලිසිය එම ස්ථානයට පැමිණ ප්‍රහාරකයා නිරායුධ කිරීමට සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...