සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකාවට අද (3) රාත්‍රීයේ පැමිණීමට නියමිත බව තොරතුරු වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේදී එල්ල වූ ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වූ පසු ඔහු මෙලෙස පැමිණීමට නියමිතව ඇත.
ඔහු මාස 11කට ආසන්න කාලයක් ඕස්ට්‍රේලියාවේ ගත කළ අතර, ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ස්ත්‍රී දූෂණ චෝදනාවට ලකවී නොවැම්බර් මස 6 වැනිදා පොලිසිය අත්අඩංගුවට පත්ව දින කීපයක් බන්ධනාගාරගතව සිටි අතර , ධනුෂ්ක පසුගිය සැප්තැම්බර් මස 28 වැනිදා ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගත්හ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??