ඇමතිට ඕන වෙලා තියෙනවා අළුත් මුහුණක් – ඉල්ලා අස් වුණු සභාපති මාධ්‍යයට කියයි

Date:

කොළඹ LNW :ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා එම තනතුරු වලින් ඉල්ලා අස්වුණු අතර එම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අද (04) එම ආයතන පරිශ්‍රයෙන් පිටව යන මොහොතේ මාධ්‍යයට අදහස් දක්වා සිටියේය.

එහිදී ඔහු සඳහන් කළේ විෂය භාර අමාත්‍යවරයා සමඟ යම් මතභේද තිබුණද එකට වැඩකළ බවයි.

එහෙත් ඉදිරිය සඳහා ඔහුට අලුත් මුහුණක අවශ්‍යතාව පැවති අතර සිය ඉල්ලා අස් වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද දැනුවත් කළ බවයි උවයිස් මහතා පැවසුවේ.

තමන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධූරය භාරගන්නා විට පැවතියේ දින භාගයකට අවශ්‍ය ඉන්ධන වුවද තමන් යන මොහොතේ මාසයකට අවශ්‍ය ඉන්ධන සංචිත පවතින බවයි ඔහු එහිදී කියා සිටියේ.

රට ඉතා දුෂ්කර මොහොතකට ඇද වැටුණු අවස්ථාවේ එම අභියෝගය භාරගෙන සිය දැනුමින් හා අත්දැකීම් මත එය යළි ගොඩ නගන්නට හැකිවීම ගැන සතුටු වෙන බවද උවයිස් මහතා ප්‍රකාශ කරන ලදී.

කෙසේවෙතත් තමන්ට මෙම තනතුරු වලින් ඉල්ලා අස්වන ලෙස බලපෑමක් හෝ තර්ජනයක් නොතිබුණු බවද ඔහු කියා සිටියේය.

මොහොමඩ් උවයිස් මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ලෙස කටයුතු කළ කාලය තුළ සංස්ථාව රු.බිලියන 100ක පමණ ලාභයක්ද උපයා තිබුණි.

මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පමණක් නොව ඉන්ධන බෙදා හරින සියලුම් සමාගම් ලාභ ලබමින් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේ පසුගියදා විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ සිපෙට්කෝ ආයතනය හැර අනෙක් සමාගම් දෙකම ඉන්ධන වෙළෙඳපොළ තුළ පාඩු ලබන බවට කර තිබුණු ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...