ජනගහනයෙන් මිලියන 12.3ක් අවදානම් ආර්ථික කලාපයේ!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනගහණය වූ මිලියන 22.16 න් මිලියන 12.3 ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 වර්ෂ සඳහා නිකුත් කරන ලද ජාතික පුරවැසි සමීක්ෂණය නම් වූ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වන බව අද (04) පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

උක්ත වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙක් ම මෙසේ අවදානමට ලක්ව ඇත. එය 55.7% කි. ග්‍රාමීය ප්‍රදේශවල මෙය 82% ක් තරම් ඉහළ තත්ත්වයක පවතින අතර පුත්තලම දිස්ත්‍රික්කය අවදානම වැඩිම ප්‍රදේශය වන අතර එහි ප්‍රතිශතය 71.8% ක් ලෙස දැක්වෙයි.

අවමය වූ 41.5% වාර්තා වන්නේ මාතලේ දිස්ත්‍රික්කයෙනි.

මෙම පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදී, රජයේ සමාජ සුබසාධන වැඩපිළිවෙල, සමාජ ආරක්ෂණ ජාලය සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර,සමාජ සේවා දෙපාර්තමේන්තුව,සමාජ ආරක්ෂණ මණ්ඩලය,සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය,මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

අදාළ වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය වර්ධනය වීමේ දී 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, 2020 කොවිඩ් 19 වසංගතය, 2022 අප්‍රේල් මාසයේ ඇති වූ ආර්ථික අර්බුදය, අයවැය හිඟය, ගෙවුම් ශේෂ අර්බුදය, ණය බැඳියාව සමගම 2022 දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සෘණ 7.8 දක්වා ගමන් කොට තිබේ.

මෙහිදී කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ අදාළ වාර්තාව ප්‍රකාරව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අංශ තුනක් යටතේ මෙම අවදානම් තත්ත්වය පෙන්වා දී ඇති බවයි.

ඒ අනුව,අධ්‍යාපනය, සෞඛ්‍ය හා ස්වභාවික විපත්, ජීවන මට්ටම් එම අංශ තුනයි.

දැනට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකු අවදානම් කලාපයේ සිටින බවත්, අවුරුද්දක් ගතවන විට මේ තත්ත්වය පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකු දක්වා වර්ධනය විය හැකි බවත්, සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එබැවින් අවදානම් අඩියේ සිටින ජනතාව උදෙසා විධිමත්, ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් සකස් කිරීමේ අවශ්‍යතාව රණවක මහතා විසින් අවධාරණය කරන ලදී.

සිසුන්ගේ පාසල් පැමිණීම, සෞඛ්‍යය, ජලය, ආහාර. විපත්වලට මුහුණ දීමේ හැකියාව, අනුගත වීමේ හැකියාව, ජීවන තත්ත්වය, දේපළ, විරැකියාව, සරිලන රැකියාවක් නොමැති වීම, ණයගැති බව ඇතුළු කරුණු 12 ක් මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් සලකා බලා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...