*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

වලල තරුව රත්තරන් (විනාඩි 70 දි ශ්‍රී ලංකාවට රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක්)

ශ්‍රී ලංකාවේ මතු මලල ක්‍රීඩා බලාපොරොත්තුව බවට මේ වන විට අවශ්‍යය තරමටත් වඩා සාධක පෙන්වා ඇති තරුෂි කරුණාරත්න මෙවර ආසියානු මලල ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවේ පදක්කම් ලේඛණයට පදක්කමක් දායක කරන්නට සමත් වුවාය.එම ජයග්‍රහණයෙන් විනාඩි 50 ක් ගතවන තැන ඇය නව ශ්‍රි ලංකා වාර්තාවකට දායක වෙමින් කාන්තා මීටර් 400 සහය දිවීමේ ඉසව්ව විනාඩි 3.30.88 න් නිම කරමින් විනාඩි 3:33.27 ක් ව පැවති වාර්තාව අලුත් කරන්න දායක වෙමින් තවත් පදක්කමකට දායක වෙන්න සමත් වූවාය.එහිදී ඇය සමඟ ඊට පෙර වාර්තාවේ හිමිකාරීත්ව දැරූ සාමාජිකයන් වූ නදීහා රාමනායක සහ ලක්ෂිමා මෙණ්ඩිස්ද එක්ව සිටි අතර නව වාර්තාවට දායක වූ අලුතින් එකතු වූ නම වූයේ ජයේශි උත්තරා ය.එම ජයග්‍රහණයෙන් තවත් විනාඩි 20 ක් ගතවන තැන පිරිමි මීටර් 400 සහය දිවීමේ කණ්ඩායම ද ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.


අටවන මංතීරුවෙන් ධාවනයට එත් වූ තරුෂි මෙම පදක්කම වෙනුවෙන් වැය කළ කාලය විනාඩි 2:03.20 කි.තවමත් 18 හැවිරිදි තරුෂි මේ වසරේ ආසියානු මට්ටමෙන් දිනා ගත් තෙවන රන් පදක්කම හැටියට මෙම පදක්කම හැදින්විය හැකිය.ැැය ඊට පෙර මීටර් 800 ඉසව්වෙන් ආසියානු කණිෂ්ඨ සූරතාවලිය සහ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය හරහා ද රන් පදක්කම් දිනා දීමට සමත් විය.
තරුෂීට වඩා වදර 18 න් වැඩිමහල් ගයන්තිකා අබේරත්න සිය අවසන් ආදියානු තරගාවලියට සහභාගි වෙමින් මීටර් 800 තරගය අවසන් කළේ අටවැන්නා ලෙසය.
මේ තරගාවලියට පෙර සිටම සමස්ත ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරන සියලු ක්‍රීඩාවන් අතරින් ඉහළම දක්ෂතාවය දක්වනු ඇත්තේ තරුෂි බව බොහෝ ශ්‍රී ලාංකිකයෝ විශ්වාස කළහ.එම විශ්වාසය තර්කයක් ඇතිව ගොඬ නැඟුණු බව සිය සුවිශේෂි ධාවනයෙන් සහතික කළ තරුෂි මේ ලාබාල වයසට සිය මලල ක්‍රීඩා ජීවිතයෙන් හොඳ හැටි පීඩාවන් විඳි ක්‍රීඩිකාවක්ය.


දනටත් තරුෂි පුහුණුවීම් කරන දිගන ක්‍රිඩාංගණයේ යම් කිසා කාලයකට බලධාරීයා ලෙස පත්ව ආ නිලධාරියෙක් සහ එහි ආරක්ෂක අංශ සහ ඇතැම් සේවකයින් තරුෂිට මලල ක්‍රීඩාව එපා වන තරමට බලපෑම් ඇති කළේය.ඒ සියල්ල වානේ කදකට තැලීමෙන් ලබන පන්නරයක් බවට පෙරැළු තරුෂි අවසානයේ සියල්ල රත්තරන් අවසානයක් කැඳවාගෙන ආවේ තමන්ට බාධා කළ දුර්ජනයන්ට ද,ශ්‍රී ලාංකිකයන් සේ සතුටු විය හැකි අන්දමේ ප්‍රතිපලයක් ඇති කරමින්ය.


වසර 21 ට පෙර ආසියානු ක්‍රිඩා උළෙලක ශ්‍රී ලංකාවට දමයන්ති දර්ශා රන් පදක්කමක් දිනා දුන් පසුව ලැබුණ රන් පදක්කම වන තරුෂිගේ රන් පදක්කම විශිෂ්ඨ එකක් වන තවත් හේතුවක් වන්නේ, මැදි දුර හෝ දුර ධාවනයෙන් ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගන්නේ වසර 53 ට පසුව වීම නිසාය.වසර 53 ට පෙර 1970 දී එස්එල්බී රෝසා එම දස්කම් සිදු කර ඇත.රෝසා එහිදී මීටර් 5000 සහ 10000 යන ඉසව් ද්විත්වය වෙනුවෙන්ම රන් පදක්කම් දිනා ගත්තේය.


එසේම ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රි ලංකාව දිනූ 12 වන රන් පදක්කම හැටියට ඉතිහාසයට එක්වන තරුෂිගේ මෙම රන් පදක්කම ආසියානු ක්‍රීඩා උළෙලක කණිෂ්ඨ මලල ක්‍රීඩිකාවක ලෙස ශ්‍රී ලංකාවට දිනා දෙන සිව්වන පදක්කම ලෙස ද ඉතිහාසයට එකතු වෙයි.මුලින්ම 1962 දී නිර්මලා දිසානායක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 200 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිද්දී ඇය කණිෂ්ඨ ක්‍රීඩිකාවකව උන්නාය.එසේම 1994 දී මීටර් 200 සඳහා සුසන්තිකා රිදී පදක්කම සහ දමයන්ති දර්හා ලෝකඩ පදක්කම දිනා ගනිද්දී ද ඔවුන් සිටියේ කණ්ෂ්ඨ මලල ක්‍රීඩිකාවන් හැටියටය.ඒ ආකාරයෙන් බලන කල එම අවදියේ සිටිමින් රන් පදක්කමක් දිනා ගත් පළමු ක්‍රීඩිකාව වන්නේ ද තරුෂිය.


උඩුදුම්බර චූලාභය විද්‍යාලයෙන් වලල නම් පතල මලල ක්‍රීඩාවට ලංකාවේ අංක එකේ පාසලට ගොඩ වැදුණ තරුෂි,වලල ධාවන යන්තර පන ගන්වන යතුර වන සුසන්ත ප්‍රනාන්දුගේ මඟ පෙනවීම සමඟ ආසියාවම ජය ගැනීමට සමත්වෙනවා.ඒ ගමනේ දී දුක වේදනාව අලුත් නොවීම නිසාම සුසන්තත්,තරුෂිත් දරා ගත් දුක්ඛ දෝමනස්සයන් අපමණයි.එවාට ඔරොත්තු දෙන පයක් පමණක් නොව හිතකුත් ඇති තරුෂි අද දිනා දුන්නේ ආසියානු රන් පදක්කම අනාගතයේ ලෝක ජයග්‍රහණ කරා පාර පෙන්වන මාවතක් ලෙස ශ්‍රී ලංකාවේ සකල විධ ක්‍රීඩාවේ පාලනයට උර දෙන්නන් සිතාගත යුතු වෙනවා.


තරුෂිගේ දායකත්වය ඇතුව එම දස්කම විඳහා පෙන්වද්දී පිරිමි මීටර් 400 සහය දිවීමේ ඉසව්වෙන්ද ශ්‍රි ලංකාව ලෝකඩ පදක්ම දිනා ගැනීමට සමත් විය.විනාඩි 3:02.56 න් තරගය නිම කරමින් එම පදක්කම දිනා දීමට අරුණ දර්ශණ,කෞශික කේශාන්,රාජිත රාජකරුණා සහ කාලිංග කුමාර සමත් විය.

තරග ප්‍රතිපල – https://info.hangzhou2022.cn/en/results/athletics/result-women-s-800m-fnl-000100-.htm
https://info.hangzhou2022.cn/en/results/athletics/result-women-s-4-x-400m-relay-fnl-000100-.htm
https://info.hangzhou2022.cn/en/results/athletics/result-men-s-4-x-400m-relay-fnl-000100-.htm

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan