ඉතාලියේ සිට ගුවනින් ගෙන්වූ හෂීස් කිලෝ ග්‍රෑම් 35ක් රේගු අත්අඩංගුවට!

වටිනාකම මිලියන 42යි..

තිසර සමල්

අනුරාධපුර (LNW): ඉතාලියේ සිට මෙරටට ගුවනින් ගෙනවන ලදුව රේගු අත්අඩංගුවට පත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35ක් ඉකුත් අඟහරුවාදා (03) දින මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

ඉතා සූක්ෂ්ම ලෙස බිස්කට් ඇසුරුම් තුළ සගවා ගෙන්වීමේ දී රේගුවට සහ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශය වෙත ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙම මත් ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 42ක් පමණ වේ.

අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ඇසුරුම් ඉතා සූක්ෂ්ම ලෙස සීල් තබා ආනයනය කිරීම සිදු කර ඇති බවයි. අදාළ වැටලීමට සම්බන්ධ වූ නිලධාරීන්ට අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේ ය.

මෙම පාර්සල්වල හිමිකරුවන් අනාවරණය කර ගැනීමට අපහසු වී ඇත්තේ ඒවා දොරින් දොර බෙදා හැරීමේ පාර්සල් (Door to Door delivery) ලෙස ආනයනය කර ඇති බැවින් වන අතර මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස අමාත්‍ය සියඹලාපිටිය මහතා එහි දී රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...