ගෑස් මිලේ වැඩිවීමත් සමඟ ආපනශාලා අහාර මිලත් ඉහළට!

කොළඹ LNW:ගෑස් මිල වැඩිවීම නිසා තේ එකක මිල රු.10කින්,කොත්තුව රු.20කින් සහ රයිස් එක රු.50කින් වැඩිකරන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පැවසුවේය.

එම සංගමයේ සභාපති හර්ශන රුක්ශාන් මහතා සඳහන් කළේ මෙම වැඩිවීමට ගෑස් වැඩිවීම පමණක් නොව විදුලි බිල වැඩිවීම හා හාල් මිල වැඩිවීම ද බලප තිබෙන බවයි.

”ඊයේ ගෑස් මිල නැවත වැඩි උනා. අපි මාස තුනක් කිසිවක් වැඩිනොකර හිටියේ. නමුත් හෙට ඉදන් වැඩිකරනවා. රයිස් එක 50කින් වැඩිකරන්නේ කීරී සම්බා නැති නිසා. මාකට් එකේ කිරී සම්බා නෑ. ජල බිල 50% න් වැඩි උනා. කීරී සම්බා තිබුන මිලට මාකට් එකට දුන්නොත් රයිස් එකක මිල අඩුකරන්න පුලුවන්. කරන්ට් බිල වැඩි උනොත් නැවත මිල වැඩිකරනවා. ඇමති නලීන් ප්‍රනාන්දුට කියනවා හාල් මාෆියාව නවත්වන්න කියලා. හාල් මුදලාලිට ඕන විදිහට මිල පාලනය කරනව නම් ආණ්ඩුවක් ඕනේ නෑ. ඇමතිවරයා කුකුල් මස් මිල අඩු කළොත් ඒ වාසිය ජනතාවට දෙනවා. කොවිඩ් නිසා ප්ලේන්ටිය ප්ලාස්ටික් කෝප්පෙට මාරු උනේ. අපි දැන් උත්සාහා කරනවා සෞඛ්‍ය ආරක්ෂිතව වීදුරු කෝප්පයක ප්ලේන්ටිය දෙන්න.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...