මාර්ග දෙපස අවදානම් ගස් ඉවත් කිරීමට කඩිනම් පියවර !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (06) පෙරවරුවේ කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් , ප්‍රධාන මාර්ග දෙපස කඩාවැටීමේ අවදානමක් ඇති ගස් සම්බන්ධයෙන් කඩිනම් පියවරගන්නා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස්දී ඇත.

මෙහිදී, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා උපදෙස් දී ඇත්තේ, පවතින අධික වැසි හේතුවෙන් මාර්ග දෙපස කඩාවැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහාම අධ්‍යයනයක් සිදුකර මහජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක්ම ඉවත් කරන ලෙසය.

පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමග සම්බන්ධීකරණයවී අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් වෙත, රාජ්‍ය අමාත්‍යවරයා එලෙස උපදෙස් දී ඇතී අතර,
අපදා වැළැක්වීමේ පියවර කඩිනම් කිරීමේ අරමුණින් මෙම තීරණ ගත් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුර ප්‍රකාශ කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...