රියදුරු බලපත්‍ර මුද්‍රණය ඩිජිටල්කරණයට !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (06) පාර්ලිමේන්තුවේදී රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ”ඊ – මෝටරින් ව්‍යාපෘතිය” යටතේ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ඇතුළු සියළු කටයුතු ඉදිරියේදී ඩිජිටල්කරණය වන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

මෙට්‍රොපොලිටන් ආයතනය සමග තිබූ ගිවිසුම අවලංගු වී තිබූ කාල සීමාවෙදි ශ්‍රී ලංකා යුද හමුදාවට මෙම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ බලය ලබාදී තිබුණු අතර, ටෙන්ඩර් පටිපාටියට අනුව දැනට ක්‍රියාත්මක වන ඊ- මෝටරින් වැඩසටහනත් ලබා දී ඇත්තේද මෙට්‍රෝපොලිටන් ආයතනයට බව සඳහන් වේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, එමෙන්ම අලුත් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සහ ඊ මෝටරින් ව්‍යාපෘතිය යන සියල්ලම එක තැනකින් සිදු විය යුතු නිසා මේ සියල්ල එකම ආයතනයකට ලබා දීමට කටයුතු කළ බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...