ඇඩ්වර්ටයිසිං ලෝකය ( 55) : ටයර් එක 

Date:

මාලින්ද සෙනෙවිරත්න මේ ළඟදි ලිපියක් පළ කරලා තිබුනා. 

ඒ මහාචාර්ය ඈෂ්ලි හල්පේ ගැන.

මාලින්දගේ ලිපිය කියවද්දි ඇඩ්ඩාට අපූරු කතාවක් මතක් වුණා. 

මේ කතාව කිව්වේ ෆීනික්ස් එකේ ලොක්කා වූ අර්වින් වීරක්කොඩි.

මේ කතාවත් ශේක්ස්පියර් ගේ නාට්‍යයක් වගේ රසවත්.

කාලයකට ඉස්සර ෆීනික්ස් එකේ ඉංග්‍රීසි පිටපත් රචකයෙක් හැටියට ගයි හල්පේ වැඩ කළා.

PHOTO 2023 10 06 17 02 36ගයි හල්පේ

ගයි කියන්නේ මහාචාර්ය ඈෂ්ලි හල්පේ ගේ පුතා.

ගයි එක්ක ඇඩ්ඩා වැඩ කරලා තියෙන්නේ බොහොම පොඩි කාලයයි.

ගයි ඇවිදින්නේ බොහොම හෙමින්.

කන්නෙත් බොහෝම හෙමින්.

කොපි ලියන්නේ ඊටත් වඩා හෙමින්.

නයි කයිද රෝස් පාන් කියන කතාව ගයි නිසා ෆීනික්ස් එකේදී වෙනසකට භාජනය වුණා. නයි කයිද රෝස් පාන් කියන කතාව ගයි නිසා ෆීනික්ස් එකේදී වෙනසකට භාජනය වුණා. 

ඒ, ගයි කයි ද රෝස් පාන් යනුවෙන්

සමහර සති අන්තවලට ගයි හල්පේ නුවර යන්නේ තම පියා වූ ඈෂ්ලි හල්පේ සමගින්.

Professor Ashley Halpeඈෂ්ලි හල්පේ

මේ විදියට එක දවසක මේ දෙන්නා වාහනේ නැගලා නුවර බලා යනවා.

නිට්ටඹුව, අඹේපුස්ස, කෑගල්ල පහුකරගෙන වාහනේ ඉදිරියට යනවා.

දැන් ඔහොම ගිහින් කඩුගන්නාවටත් කිට්ටු කළා.

කඩුගන්නාව හරියේදි වාහනේ ටයර් එකක පැච් එකක් ගියා.

සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රොෆෙසර්ලා සාහිත්‍යය රසාස්වාදනය, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව ඉගැන්නුවාට වාහනේක ටයර් එකක් දාන්න දන්නේ නෑ.

ඒක අපේ හල්පේ මහාචාර්යතුමාටත් ඉතිං අදාළයි.

දැන් ඉතින් මේ තාත්තයි පුතයි ටයර් එක මාරු කරන්නයි ලෑස්තිය.

මුලින්ම පන්ච් එකක් ගිය ටයර් එක ගලවලා වාහනයේ පැත්තකින් හේත්තු කරලා තිබ්බා.

Puncture repair body.jpg
ඊට පස්සේ ස්පෙයාර් වීල් එක එලියට ගත්තා.

මල කෙලියයි මහරජ කිව්වා වගෙ ඔය අතරෙදි මරු වැඩක් වුණා. 

අර හේත්තු කරලා තිබ්බ පන්ච් එකක් ගිය ටයර් එක පල්ලම දිගේ රෝල් වෙලා ගියා.

ඒ ටයර් එක කොහේ ගියාද කියලා හිතාගන්න බෑ.

දැන් මේ මහාචාර්ය හල්පේ මහත්තයායි, ගයි හල්පේ පුතයි කල්පනා කරනවා. මොකද කරන්නේ කියලා.

ඔහොම ටික වෙලාවක් ගියාට පස්සේ ගයි හල්පේට අයිඩියා එකක් ආවා.

Screenshot 2023 10 06 at 17.34.29

” අපි පන්ච් එකක් ගිය ටයර් එක හේත්තු කරපු තැන තියලා ස්පෙයාර් වීල් එකත් තල්ලු කරමු පල්ලමට…. එතකොට ටයර් දෙකම ගිය තැන හොයාගන්න පුළුවන් ..”

ගයි කිව්වා.

ඈෂ්ලිත් අනුමත කෙරුවා.

කිව්ව විදියටම හොඳ ටයර් එකත් පල්ලමට තල්ලු කළා.

අන්තිමට මේ තාත්තායි පුතයි ටයර් දෙකම නැතුව ගෙදර ගියාලු.


(ඇඩ්ඩා විසින් ලියන ලදි)

theleader.lk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...