“ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතේ කතුවැකිය ප්‍රශ්නයක් – ජනාධිපති මාධ්‍ය අංශය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හෙට (08) දිනයේ පළවීමට නියමිත “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතේ කතුවැකිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම නීතිවිරෝධී බවත් ඒ සඳහා එකඟ විය නොහැකි බවත් ය.

ජනාධිපති මාධ්‍ය අංශයේ එලෙස පවසන්නේ, හෙට දිනට පළ කිරීමට නියමිතව ඇති “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතේ කතුවැකිය සහ “ස්වාධීන, විනිවිද පෙනෙන පුර්ණ විමර්ශනයක් සහ අධීක්ෂණයට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් අවශ්‍යයි” මැයෙන් පළ කර ඇති ප්‍රවෘත්ති වාර්තාව සම්බන්ධයෙන් තම අවධානය යොමුවී ඇති බවයි.

උපුටාගැනීම,

කතෝලික රදගුරු සංගමයේ සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තී හිමියන්ගේ ඉල්ලීමකට අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් 88ක් සහ පිටු 48,909 කින් යුතු සියලුම ලියකියවිලි 2023 අප්‍රේල් මස 20 වන දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමියන් වෙත භාර දෙන ලදි.

කතෝලික රදගුරු සංගමයේ ගරු සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමියන් සමග මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ, එනම් 05 වනදා දුරකථනයෙන් සාකච්ඡා කළ අවස්ථාවේ රදගුරු හිමියන් ප්‍රකාශ කර ඇත්තේ එම වාර්තාව තමාත් අධ්‍යයනය කරමින් සිටින බවයි.

ඒ අනුව එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව රදගුරු සංගමයේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටී.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට අපට එකඟවීමට හැකියාවක් නොමැත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ හා වෙනත් නීතියක ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වීමට ප්‍රතිපාදන නොමැත.

ඒ අනුව එබඳු පරීක්ෂණ පැවැත්වීම නීතිවිරෝධී ක්‍රියාවක් වෙයි.

චැනල් 4 රූපවාහිනි වැඩසටහන සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීම සඳහා ද විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.

රදගුරු සමුළුව කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට ද රජය බලාපොරොත්තු වෙයි.

ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...