ඇෆ්ගනිස්ථානයට බලපෑ රිච්ටමාපකයේ 6.3 ක භූමිකම්පාව හේතුවෙන් 15 දෙනෙකු මරුට

0
317

ඇෆ්ගනිස්ථානයේ ඉරාන දේශසීමාවට ආසන්නයේ පිහිටි සංස්කෘතික අගනුවර ලෙස සැලකෙන හේරත්හි සිට කිලෝමීටර 40 ක් පමණ දුරින් සිදුවූ රිච්ටමාපකයේ 6.3ක ප්‍රභල භූමිකම්පාව හේතුවෙන් 15 දෙනෙකු මියගොස් 78 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ආරම්භක භූමිකම්පාවෙන් පසු අවම වශයෙන් බලවත් කම්පන තුනක් පමණ සිදුව ඇති අතර මේ හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර, මිනිසුන් සුන්බුන් යට සිරවී ඇති බව බලධාරීන් විසින් පවසා තිබේ.

2019 ලෝක බැංකු දත්ත වලට අනුව මිලියන 1.9 ක ජනතාවක් පළාතේ ජීවත් වන බව විශ්වාස කෙරන අතර සිදුව ඇති හානිය තව දුරටත් ගණනය කරමින් පවතියි.

සශිකලා මධුෂාණි – outboundtoday