ඊශ්‍රායලය ‘යුද්ධයක්’ ප්‍රකාශයට පත් කරයි

Date:

ගාසා තීරයේ පලස්තීන සටන්කාමීන් විසින් අද අලුයම ඊශ්‍රායලයට එල්ල කරන ලද මාරාන්තික රොකට් ප්‍රහාරය හා තුවක්කුකරුවන් ඊශ්‍රායල භූමියට යැවීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 40 දෙනෙකු මියගොස් තවත් 800කට ආසන්න පිරිසක් තුවාල ලැබීමත් සමඟ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය රට යුද්ධයකට ඇතුලත් වූ බව ප්‍රකාශ කර තිබේ.

ගාසා තීරය පාලනය කරන පලස්තීන සටන්කාමී ව්‍යාපාරය වන හමාස් ආක්‍රමණයේ වගකීම භාර ගැනීමත් සමඟ එයට ප්‍රති ප්‍රහාර වශයෙන් ඊශ්‍රායලය දියත් කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 200 කට ආසන්න පිරිසක් මිය ගොස් 1,610 තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.

ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ඉහළම නිලධාරියා වන මේජර් ජෙනරාල් ගසාන් අලියාන් පැවසුවේ හමාස් සංවිධානය සිය විස්මිත ප්‍රහාරයෙන් මඟින් අපායේ දොරටු විවර කරැගත් බවයි. තත්වය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් සහ නෙතන්යාහු ඉක්මනින් සාකච්ජා කරනු ඇති බව අපේක්ෂා කරන අතර ලොව පුරා නායකයින් ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ පෙර ගැටුම් වලදී මෙන්, සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරන ලෙසයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...