නෙතන්යාහු ගාසා තීරයට භාණ්ඩ සැපයුම අත්හිටුවයි; යුද්ධය තවදුරටත්

Date:

පලස්තීනයේ හමස් සංවිධානය විසින් ඊයේ (06) අලුයම ඊශ්‍රායලයට දියත් කළ දරුණු ආක්‍රමණය හේතුවෙන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු රට තුළ යුද්ධයක් ප්‍රකාශයට පත් කර ගසා තිරය පාලු දුපතක් කිරීමට පොරොන්දු වීමත් සමඟ ගාසා තීරයට විදුලිය, ඉන්ධන සහ භාණ්ඩ සැපයුම මේ වන විට අත්හිටුවා ඇති බව වාර්තා වේ.

වසර 50කට පෙර යොම් කිප්පූර් යුද්ධයෙන් පසු ඊශ්‍රායලයට සිදු වූ මාරාන්තිකම ප්‍රහාරය මෙය වන අතර ප්‍රහාරය මැඩලීමට ඊශ්‍රායල ආරක්ෂක සංස්ථාපිතය අසමත් වීමත් සමඟ යොම් කිප්පූර් යුද්ධයට සමාන ආකාරයෙන්ම ඉදිරි දශක ගනනාවක් පුරාවට පැවතිය හැකි බව විශ්ලේෂකයන් සඳහන් කර තිබේ.

පලස්තීනුවන් දියත් කළ රොකට් ප්‍රහාර හා හමාස්හි තුවක්කුකරුවන් ඊශ්‍රායල නගර හරහා කඩා වැදී අවම වශයෙන් පුද්ගලයින් 250 දෙනෙකු මරා දමා ඇති අතර අවම වශයෙන් 1,800 ක් පමණ තුවාල ලබා ඇත. ප්‍රති ප්‍රහාර ලෙස ගාසා තිරයට එල්ල කරන ලද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 232ක් මිය ගොස් 1,650ක් තුවාල ලබා තිබේ.

ඊයේ (06) රාත්‍රිය වන විට ඊශ්‍රායල ආරක්ෂක අංශ ඇස්තමේන්තු කළේ තවමත් ඊශ්‍රායල භූමියේ සටන්කාමීන් 200-300 ක් සිටින බවත්, නොදන්නා සිවිල් වැසියන් සංඛ්‍යාවක් තවමත් ඔවුන්ගේ නිවෙස් තුළට අවහිර කර හෝ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටින බවත්ය.

ටයිම්ස් ඔෆ් ඊශ්‍රායලය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ, ඊශ්‍රායල හමුදාවන් හරහා ගාසා තිරයට දැවැන්ත ප්‍රහාරයක් දියත් කර ඇති බවත්, මේ වන විට බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසලම පුරා පලස්තීනුවන් සහ ඊශ්‍රායල හමුදාව (IDF) අතර ගැටුම් ද වාර්තාවන බවත්ය.

2007 වසරේදී හමාස් විසින් තීරුවේ පාලනය අල්ලා ගැනීමෙන් වසර 16 තුළ දැනටමත් යුද්ධ හතරකින් බැට කෑ ගාසා හි සිරවී සිටින මිලියන 2.3 ජනගහනය, මෙම යුද්ධයේද ප්‍රතිවිපාකවල බර දරා ගැනීමට සිදු වනු ඇත.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...