*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

රජය සමෘද්ධි ව්‍යාපාරය ගැන මීට වඩා සංවේදීව කටයුතු කළ යුතුයි – විපක්ෂ නායක සජිත්

සමෘද්ධියේ ආයෝජනය, ඉතිරි කිරීම, පාරිභෝජනය ආදිය තිබෙන බවත්, මෙසේ ඉතිරි කරන ලද බිලියන ගණනක් මුදලින් කොවිඩ් සමයේ රුපියල් 5000 දීමනාව ලබා දුන් බවත් ඒ සඳහා ලබා ගත් මුදල්වලින් කොටසක් පමණක් මේ වන විට ලබා දී ඇති බවත්, තව කොටසක් ලබා දීමට ඇති බවද විපක්ෂ නායකවරයා කියා සිටී.

අස්වැසුම වැඩසටහන ගත හොත් එය අවිද්‍යාත්මක, දත්ත මත පදනම් නොවූ, විද්‍යාත්මක නොවූ වැඩසටහනක් ලෙස හැදින්විය හැකි බවත් , එයට හේතුව ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර දරිද්‍රතා රේඛාව හදුනා නොගෙන හිතුමතේට තීන්දු කළ පුද්ගලයන් කොටසකට ඇ. ඩොලර් මිලියන 200ක මුදලක් විවිධ කාලවකවානු යටතේ බෙදා ඇති බවත් ඔහු පවසයි.

මෙහි කිසිදු සවිබලගැන්වීමක් සිදු නොවන බවත් , මෙය හුදෙක්ම මුදල් ලබා දීමක් බවත් , එම මුදල්වලට කරන දේ තීරණය වන්නේ එම මුදල් ලැබෙන පුද්ගලයාගේ කැමැත්ත මත බවත් විපක්ෂ නායකවරයා කියයි.

නමුත් සමෘද්ධි වැඩසටහන මීට වඩා වෙනස් බවත් එහි සමාජ ආරක්ෂණයක්, සුරක්ෂිතභාවයක් හා සවිබලගැන්වීමක් ඇති බවත් , එය සියයට සීයක් අංග සම්පූර්ණ නොවූවත් 1994 සිට මේ වන තෙක් විශාල මුදලක් එහි එකතු වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා, එම මුදල් අයිති එහි ප්‍රතිලාභීන්ට බවත් මෙහි ඇති සමාජ ආරක්ෂණය නිසා කිසිම ප්‍රතිලාභියෙක් ඉන් මිදීමට කැමති නොවන බවයි.

මේ හේතුව නිසා සමෘද්ධි ව්‍යාපාරය ගැන මීට වඩා සංවේදීව රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටී.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු කාරකසභාවක දී අස්වැසුම වැඩසටහන හා සමෘද්ධි වැඩසටහ සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan