ඇෆ්ගන් භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවයි

Date:

ඇෆ්ගනිස්ථානයේ ඉරාන දේශසීමාවට ආසන්නයේ පිහිටි සංස්කෘතික අගනුවර ලෙස සැලකෙන මිලියන 3 කට අධික ජනතාවක් වෙසෙන හෙරත්හි සිට කිලෝමීටර 40 ක් පමණ දුරින් සිදුවූ රිච්ටමාපකයේ 6.3ක ප්‍රභල භූමිකම්පාව හේතුවෙන් මේවන විට මියගිය සංඛ්‍යාව 2,060 දක්වා ඉහල ගොස් ඇති අතර තුවාල ලැබුවන් 10,000 ඉක්මවා ඇති බව තලෙයිබාන් රජය නිවේදනය කර තිබේ.

සෙනසුරාදා සිදුවූ රික්ටර් මාපක 6.3 ක භූමිකම්පාවෙන් අනතුරුව ප්‍රබල පසු කම්පන අටක් ඇතිව ඇති අතර සින්දා ජාන් හි ගම්මාන 12 ක් සහ ගොරියන් දිස්ත්‍රික්කයේ ගම්මාන හයක් සම්පූර්ණයෙන්ම සුන්බුන් බවට පත්ව ඇත. දිගු කලක් පුරා නියඟයෙන් පිඩා විඳි හෙරත් පළාතේ නිවාස හා ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර මිය ගිය සංඛ්‍යාව තව දුරටත් ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තලෙයිබාන් රජය මෙහිදී ජාත්‍යන්තර සහය අපේක්ෂා කර ඇති අතර අපගේ රටවැසියන්ගේ සහ කාන්තාවන්ගේ ජීවිත බේරා ගැනීමට මේ අවස්ථාවේ අපට උපකාර කරන ලෙස අපි සියලුම ජාත්‍යන්තර ආධාර කණ්ඩායම්වලින් ඉල්ලන බවත්, දිවි ගලවාගත් අය වෙනුවෙන් ආහාර, ඇඳුම් පැළඳුම්, කූඩාරම් සහ බෙහෙත් අවශ්‍ය බවත් ප්‍රකාශ කර ඇත.


මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසා තිබුණේ, හෙරත් පළාතේ අවම වශයෙන් ගම්මාන 12 ක් පුරා නිවාස 600 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී හෝ අර්ධ වශයෙන් හානි වී ඇති බවත්, පුද්ගලයින් 4,200 ක් පීඩාවට පත්ව ඇති බවත්ය.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...