ඇෆ්ගන් භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 3,000 ට ආසන්න වේ

Date:

පසුගිය සෙනසුරාදා ඇෆ්ගනිස්ථානයට බලපෑ රිච්ටර් මාපකයේ 6.3 ක ප්‍රභල භූ කම්පනයත් ඉන් අනතුරුව රික්ටර් පරිමාණයේ 5.9, 4.9 සහ 4.7 ක භූ කම්පන හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2,795ක් බව තලේබාන් රජය වාර්තා කර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ සංස්කෘතික අගනගරය වශයෙන් සැලකෙන් හෙරත් නගරයට 100%ක් හානි සිදුවී ඇති අතර ග්‍රාමීය නිවාස පෙරළා දමා ඇති අතර සිදුව ඇති හානිය තවම ගණනය කරමින් තිබේ. ගලවා ගැනීමේ මෙහෙයුම තවමත් ක්‍රියාත්මක වන අතර සුන්බුන් යට බොහෝ මිනිසුන් සිටින අතර අප තවමත් ළඟා නොවූ ප්‍රදේශ අවම වශයෙන් ගම්මාන 20ක් පමණ පවතිනු ඇති බවයි තලෙයිබාන් රජය සඳහන් කර තිබුණේ,

ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව අනතුරු අඟවා ඇත්තේ ගලවා ගැනීමේ උපකරණ නොමැතිකම බටහිර ඇෆ්ගනිස්ථානයේ සිරවී සිටින දිවි ගලවා ගත් අය නිදහස් කළ නොහැකි බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.

තලෙයිබාන් රජය මෙහිදී ජාත්‍යන්තර සහය අපේක්ෂා කර ඇති අතර අපගේ රටවැසියන්ගේ සහ කාන්තාවන්ගේ ජීවිත බේරා ගැනීමට මේ අවස්ථාවේ අපට උපකාර කරන ලෙස අපි සියලුම ජාත්‍යන්තර ආධාර කණ්ඩායම්වලින් ඉල්ලන බවත්, දිවි ගලවාගත් අය වෙනුවෙන් ආහාර, ඇඳුම් පැළඳුම්, කූඩාරම් සහ බෙහෙත් අවශ්‍ය බවත් ප්‍රකාශ කර ඇත.

ඇෆ්ගනිස්ථානය දැනටමත් මානුෂීය අර්බුදයක ග්‍රහණයට ලක්ව ඇති අතර, 2021 දී තලෙයිබාන් නැවත බලයට පත්වීමෙන් පසු විදේශ ආධාර පුළුල් ලෙස ඉවත් කර ගැනීමත්, සමඟ එහි සෞඛ්‍ය සේවා පද්ධතියට දැඩි බලපෑමක් ඇති කර තිබේ. කාන්තාවන්ට වෙස්කොට සලකමින් එක්සත් ජාතීන්ගේ සහ රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම තහනම් කිරීමෙන් පසු ජාත්‍යන්තර සම්භාධක පනවමින් ජාත්‍යන්තර ආධාර සංවිධාන සිය ආධාර ලබාදීම නවතා දමා තිබේ.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...

මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...