පොළිස් පුටු කීපයකට ස්ථාන මාරුවීම්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට හා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකුට ස්ථාන මාරුවිම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොමිෂණ් සභාව විසින් පසුගිය 09 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

කේ. කඩුපිටිය මහතා බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ප්‍රවාහන හා සංදේශ දිසාව භාර තනතුරට ස්ථාන මාරු කර ඇති අතර , නියෝජ්‍ය පොලිස්පති ජි.එම්.එච්.බී. සිරිවර්ධන මහතා මාරුකර ඇත්තේ ප්‍රවාහන හා සංදේශ දිසාවේ සිට පොලිස් මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.

තවද, වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකු ට හා රාජකාරි ඉටුකිරිම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකුට ද ස්ථානර මාරුවිම් ලබා දී තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 02 දෙදෙනෙකුට හා පොලිස් අධිකාරිවරුන් 02 දෙදෙනෙකුට ද ස්ථාන මාරුවිම් ලබා දී ඇති බවයි.

ඇල්පිටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරි එම්. එම්. කුමාරසිංහ මහතා කුලියාපිටිය කොට්ඨාසයට මාරුකර තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ , මේ අතර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරිම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුද පත් කර ඇති බවයි

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...