ජාත්‍යන්තර පාපන්දුවේ වාරකන් නිමාවේ ශි ලංකාව හෙට යේමනය සමඟ ගැටෙයි

0
146

ලෝක සූරතාවය 2026 ඉලක්ක කර ගනිමින් පවත්වන ආසියාතික සුදුස්සන් තේරීමේ තරගාවලියේ යේමනය සහ ශ්‍රී ලංකාව අතර තරගය පැවත්වෙන්නේ ඔක්තෝම්බර් 12 වන දාය.මේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදාවන්නේ විශාල කාලයකට පසුවය.තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවට ලෝකයෙන්ම හිමිව ඇත්තේ 204 වන තැනය.එය මේ තරගාවලියට සහභාගි වන කණ්ඩායමක් සිටින පහළම තැනය.
පකිස්තානයද මේ වන විට සිටින්නේ 201 වන තැනය.ඊට හේතුව පකිස්තානයේ දේශපාලන අස්ථාවරභාවය විය යුතුය.රටක දේශපාලන අස්ථාවරයන් මෙන්ම ඒ රටේ දේශපාලනයේ හැසිරීම් ද එරට ක්‍රීඩාවට සෘජුවම බලපාන බව අපි මෙහිදී අවබෝධ කර ගත යුතු වන්නෙමු.


පකිස්තානයද ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් ද ස්ථාවර නැත.ඒ අතර ඒ ඒ කේෂ්ත්‍ර තුළ දේශපාලනය සක්‍රීයව පවතින බව පෙන්වීමට යම් යම් දේ කරන්න දේශපාලකයන් උත්සාහ දරයි.ලංකාවේ රොෂාන් රණසිංහ සිටින්නේ අපට පෙනෙන හැටියට මේ තත්ත්වයේය.ශක්තිය පෙන්වීම යනු සක්‍රීය බව පෙන්වීමට වඩා වෙනස් එකකි.ශක්තියෙන් මහා බර වැසුණු දොරවල් කඩා දමන්ට මෙන්ම එවන් දොරවල් වසා දමන්නට ද හැකිය.අපි සිටින්නේ දොරේ කුමන පැත්තදැයි නොදැන කටයුතු කළහොත් වෙන්නේ වැසිය යුතු දොරවල් ඇරෙන එක සහ ඇරිය යුතු දොරවල් වැසෙන එකය.


ඒ නිසා ශ්‍රී ලංකාවේ පාපන්දු තහනම ද දේශාපාලනමය බලපෑම් නිසා වූවක් විය.එහිදී ජාත්‍යන්තරයට ඇහුං කං නොදෙමින් කළ ක්‍රියාව නැවත ජාත්‍යන්තරයේ ඉඩ ලබා ගැනීම සඳහා ගැසට් පත්‍රයකින් ප්‍රසිද්ධ කරන්නට අමාත්‍යවරයාට සිදු වූවේය.ඒ නිසා කවුරු මොන හේතු කීවද ඔහු අත් හළ දේ තුළ ජාත්‍යන්තර ලංකාව අත් හරින්නට හේතු තිබුණ බව පිළිගත යුතුය.


ශ්‍රී ලංකාවේ පාපන්දු තහනම් වෙද්දී තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබිණ.ඒ ක්‍රීඩාවෙන්ය.නමුත් ක්‍රීඩකයන්ටත් අඩු පාඩි තිබිණ.වැරදිද තිබිණ.ඒ වාරදි නිවැරදි විය යුතු තැන් සහ මං මාධ්‍ය ඔස්සේ අනන්තවත් පෙන්වා දුන්නේය.නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා එවා ඉවසා දරා සිට තමන්ට වැරදි බව සිතා ඇමති බලය යොදා වැරදියට ක්‍රියා කිරීමෙන් වූයේ නිවැරදි වන්නට තිබුණ තැන් එසේ තිබියදීම නැගිටමින් තිබුණ පාපන්දුව නැවතුණ එකය.


නවතින්නට නොදී ඒ මාවතේ යන්නට තිබුණ බාධා ඉවත් කරන්නට,නෛතික තීරණ ගන්නට පමා කරමින් සිට තමන්ට ඇවැසි මොහොත වන තෙක් ඉවසීමට ලංකවේ ක්‍රිඩාවේ දේශපාලන අධිකාරිය ගත්තු තීරණය වර්ථමානයේ යළිත් මුල සිට පාපන්දු ආරම්භ කරන තැනට ගෙනා බව අපි පිළිගත යුතු වන්නෙමු.
දැන් තිබෙන්නේ හොඳම කාලය නොවේය.සමහර විට සියල්ල එකතු වුවහොත් මේ හොඳ ආරම්භයක පදනම විය හැකිය.හැමෝම එකතු වී සිටින්නේ හැමෝගෙම වැරදි දැනගෙනය.එසේ වූ විට වැරදි නොකර සිටින්නට තිබෙන ඉඩ පළල් කර ගන්නට හැකිය.එය තමන්ගේ න්‍යාය පත්‍ර මත අවුල් කරන්නට සමස්ත ක්‍රීඩාවේ පරිපාලනය පැත්තෙන් දේශපාලනය සමඟ ගේම් ගැසීම අතිශයින් භයානක බැවින් මේ මොහොත වඩා සබුද්ධිකව පාපන්දුව වෙනුවෙන් කළමණාකරණය විය යුතු මොහොතක්ය.


හෙට පිටියට බසින ශ්‍රී ලංකා කණ්ඩායමට අපි සුබ පතන්නෙමු.17 දා කලෙකට පසුව යේමනය සමඟ පැවත්වෙන තරගය කොළඹ තුරග තරග පිටියේදි පැවත්වෙනු ඇත.එම තත්ත්වය ලාංකේය පාපන්දු ලෝලීන්ට උදා කර දෙන්නට පොකුරු බැදුණු සතුරුකම්වල මිත්‍රමය සංවාසයට මෙන්ම යථාර්තය තේරුම් ගෙන ලෝකයට වඩා ලංකාව කුඩ බව දැන.ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අවශ්‍යයතාවයට අනුව වැඩ කරන්නට ගැසට් පත්‍රයකින්ම එකඟ වූ අමාත්‍යවරයාටද අකමැත්තෙන් හෝ ඒ තේරුම් ගැනිම ද මේ තරග අවස්ථාවට හේතුවන බව අපි දකින්නෙමු.


දිනන්න ගෝල අවශ්‍යය වන්නේය.තනියෙන් ගෝල ගසන්නට නොහැකිය.පයෙන් පය දැලට ඉලක්කය ගන්න පයට පාපන්දු පිමිණිය යුතුය.තත්පරයකට අඩු ඇසිල්ලක දැල ආවරණය වළක්වමින් වේගය සහ නිවැරදි එල්ලය ගැනීම වැදගත්ය.ඒ නිසා කඩිනම් නමුත් නිවැරදිම ගමණක් සඳහා අලුත් වෙන්නට අවශ්‍යය පාපන්දුවට පියෙන් පයට මාරුවන ගමනේ අතරමැද් සුරක්ෂිත ලෙස ඔබේ පයද තැබෙන්නේනම් අපූරුය.එක ටීම් එකක් වෙමු.කෙතරම් කොටස්වලට බෙදුණත් පිටියට බසින්නට ලැබෙන්නේ ධජයක් යට එක කණ්ඩායමකට බව මෙනෙහි කරමු.


12 වෙනිදා යේමනය සමඟ තරගයට සවුදි අරාබියේ බින් අබ්දුල්ලා අසීස් සුල්තාන් කුමර ක්‍රීඩාංගණයට බසින ශ්‍රී ලංකා කණ්ඩායමට අපි සුබ පතන්නෙමු.එසේම 17 වන දා තරගයට මිය පාපන්දු රසලෝලී මනසත් රැඟෙන පස්වරු 3.00 ට තුරග තරග පිටියට එන්නටත් අපි ඔබට ඇරයුම් කරන්නෙමු.

සටහන – නිෂ්මං රණසිංහ