ඊශ්‍රායලය සහ හමාස් ගැටුම ගෝලීය ආර්ථිකය තවත් අඳුරුරට රැගෙන යනු ඇති – IMF අනතුරු අඟවයි!

Date:

කොළඹ LNW:ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති වී ඇති යුද්ධය, දැනටමත් අදුරු වළාවකින් වැසී ඇති ගෝලීය ආර්ථිකය තවදුරටත් අන්ධකාරය කරා රැගෙන යාමේ අවධානමක් නිර්මාණය කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීනා පවසයි.

විශේෂයෙන්ම මෙම යුද්ධය ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සම්බන්ධයෙන් ඇති කරනු ලබන බලපෑම පිළිබදව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීපව නිරීක්ෂණය කරන බවයි ඇය සඳහන් කරන්නේ.

පසුගිය සෙනසුරාදා දිනයේ දී හමාස් සංවිධානය, ඊශ්‍රායලට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කළ අතර, හමාස් සංවිධානය සමූල ඝාතනය කරන තෙක් යුද වදින බවට ඊශ්‍රායල ප්‍රතිඥා දී තිබේ.

ඒ අනුව මේ වන විටත් ගාසා තීරයේ දරුණු ගැටුම් ඇවිලී තිබෙන අතර යුද්ධයෙන් පීඩාවට පත්ව සිටින නිරායුධ සිවිල් වැසියන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරිය සිය කණස්සල්ල ප්‍රකාශකරයි.

යුද ගැටුම් තවත් උග්‍රවීමට මත්තෙන් මැදිහත් වන ලෙස ඇය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින අතර යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇතැයි සිතිය නොහැකි හෙයින් මැදපෙරදිග රටවල් ද ඊට මැදිහත් වනු ඇති බවට දැනටමත් සැක පළ වී තිබෙන බව ඇය තවදුරටත් කියාසිටියි.

ඒ අනුව ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි ආකාරයට තත්ත්වයන් වෙනස් වෙමින් තිබෙන බවට ඇය පැහැදිලි කරයි.

ඇය මෙම අදහස් පළකළේ මොරොක්කෝවේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංක-ුවේ වාර්ෂික සමුළුවට සහභාගී වෙමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...