අයවැය ලංවෙද්දී ඔහොම තමයි.කියපු දේවල් ඒ විදිහටම වෙලා නෑනේ – පා.ම.සංජීව එදිරිමාන්න

Date:

කොළඹ LNW:ප්‍රතිපත්තිමය දුරස්ථභාවයන් තිබෙන කණ්ඩායම් දෙකක එකතුව විසින් මීට වඩා ගැටුම්කාරී තත්ත්වයක් තමන් අපේක්ෂා කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න මහතා පවසයි.

පවතින තත්ත්වයට වැඩ තත්ත්වය උණුසුම් වනු ඇති බවට තමන් පූර්වයෙන් සිතුවද එවැනි දෙයක් ඇති නොවීම ගැන තමන් සතුටු වෙන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

දෙපාර්ශවය අතර ඇතිකර ගත් එකඟතා හිතුව තරම් නරක නැති බවයි ඔහු කියාසිටින්නේ.

කෙසේවෙතත් පක්ෂයක් ලෙස කැමති සියල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඉටු නොවන බවද තමන් දන්නා බව එදිරිමාන්න මහතා පවසයි.

එහෙත් මේ වන විට ආණ්ඩු පක්ෂය තුළ ජනාධිපතිවරයාගේ පාර්ශවය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවය අතර අත්ව තිබෙන අභ්‍යන්තර මත ගැටුම හේතුවෙන් ඉදිරි අයවැය පරාජය කිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් සාකච්ජාවක් පවතින බවට මාධ්‍යවේදීයෙකු මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ අයවැය ලං වෙනවිට සාමාන්‍යයෙන් එවැනි සංවාදයන් පැවතුනද ඒවා ඉටුවන ආකාරයක් තමන් දැක නොමැති බවයි.

”තනි පක්ෂයක් ආණ්ඩු කරනවෙලාවක වුණත් අයවැය එනකොට මේ එකඟතාවලට ආවේ නැත්නම් අපිට නම් බැහැ අහවලාගේ අමාත්‍යාංශයට ජන්දේ දෙන්න වගේ දේශපාලන සංවාදය ලංකාවේ දේශපාලනය තුළ පොදු තත්ත්වයක්. ඒ වගේම පාර්ශව කිහිපයක් හෝ දෙකක් එකට එකතු වෙලා ආණ්ඩු කරන වෙලාවකත් අයවැය සමයේ මෙවැනි දේශපාලන උණුසුමක් සංවාදයක් හැටියට දකිනවා. නමුත් ඇයවැය පරාජය කරවීමක් වගේ දෙයක් අපි දැක්කේ නැහැ. මේ වෙලාවේ සාදාරණ එකඟතාවන්ට අවස්ථාවක් හදාගමු කියන තනි පුද්ගල වශයෙන් යෝජනා තිබෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ඔහු මෙම අදහස් පළකළේ ඊයේ (12) ශ්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...