“ලක්සල” මඟින් දේශීය භාණ්ඩ රැසක් චීනයට අපනයනය කිරීමට සූදානම්!

Date:

මෙරට ආර්ථිකයට හා දේශීය නිෂ්පාදකයාට නව දිරියක් ලබා දෙමින් දේශීය භාණ්ඩ රැසක් “ලක්සල” මගින් චීනයට අපනයනය කිරීම සදහා වන ගිවිසුමට අත්සන් තැබෙයි.

බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ සංකල්පයක් මත මෙරට දේශීය ආර්ථිකයට හා දේශීය නිෂ්පාදකයාට දිරි දීමක් වශයෙන් ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ විදේශයන්ට අපනයන කිරීම සදහා වන සුවිශේෂී වැඩපිළිවෙළකට එළඹීය.

ඒ හා සමගාමීව හයවන වරලත් අළෙවි නියෝජිත ආයතනය චීනයේ
” සීජියෑන් “හි ස්ථාපිත කිරීම සදහා වන ගිවිසුමක් 2022.02.18 වන දින ගරු බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය “ලක්සල” හා “සීජියෑන් බොස්වින් ( Zhejiang Boswin Technology Private Limited ) ආයතන අතර ගිවිසුම රාජ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අත්සන් තැබීය.

මෙමගින් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල) ආයතනය විසින් අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ලැබෙන ආදායමට අමතරව වරලත් අලෙවි නියෝජිත ආයතනයේ මාසික අලෙවි පිරිවැටුමෙන් ප්‍රතිශතයක්ද , කීර්තිමත් “ලක්සල” සන්නාමය චීනය තුළ භාවිතය වෙනුවෙන් වාර්ෂිකව කිසියම් “වෙළඳ හිමිකාරීත්ව භාගයක්” (Royalty Fee) ද ලැබීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සභාපති ලක්මල් වික්‍රාමාරච්චි මහතා ඇතුළු ලක්සල අධ්‍යක්ෂ මණ්ඩලය,සීජියෑන් බොස්වින් සමාගමේ සභාපති ප්‍රසාද් විදානගේ මහතා හා චීන ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිතුමිය, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් එක් විය.

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...