එජාපයේ තනතුරුවල වෙනසක් නෑ !

Date:

එක්සත් ජාතික පක්ෂයේ දැනට පවතින තනතුරුවල කිසිදු වෙනසක් සිදු නොකළ යුතු බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ඒ, එජාප මධ්‍යම කාරක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) රැස්වූ අවස්ථාවේදී ය.

පක්ෂ මහලේකම් ධුරය සඳහා රවී කරුණානායක මහතා පත්කිරීමේ යෝජනාවක් මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡාවට භාජනය වී ඇති නමුත් එහිදී පක්ෂයේ ජ්‍යේෂ්ඨයින්ගේ අදහස වී ඇත්තේ වත්මන් තනතුරුවල කිසිදු වෙනසක් සිදු නොකළ යුතු බවයි.

එමෙන්ම පක්ෂයේ සභාපති සහ මහලේකම් තනතුරු හැර සෙසු සියලු තනතුරු අහෝසි කර නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට ද මීට පෙර යෝජනා වී තිබුණු නමුත් එම යෝජනාව ද ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

එජාපය ටිකෙන් ටික ඉදිරියට ගෙන යාමට වත්මන් නායකයින් ඉතා උනන්දුවෙන් කටයුතු කරන නිසා ඉදිරි වැඩ කටයුතු ද කරගෙන යාමට ඔවුන්ට හැකියාව ඇතැයි මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ අයවැයට මුහුණ දෙන්න විපක්ෂයට වැඩමුළුවක්!

කොළඹ LNW: ජාතික ජන බලවේගය ආණ්ඩුවේ දෙවෙනි අයවැය පිළිබඳව...

හෝමාගමින් මතු වූ හෙරෝයින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : කැළණිය කොට්ඨාස අපරාධ...

මිෂෙල්ගේ ඇඟ හිරිවැටෙන වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේම අවධානය...

යෝෂිත සහ ඩේසි ආච්චිගේ නඩුව විභාගයට දින නියම වෙයි!

කොළඹ LNW:මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී...