වළල ඒ රත්නායක මධ්‍ය මහ විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට මධ්‍යම පළාත් සභාවේ අවධානය

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ක්‍රීඩා පාසල වන වළල ඒ. රත්නායක මධ්‍ය මහ විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ ඉදිකිරිම් ඉදිරි වසර තුළදී අවසන් කිරීමට මධ්‍යම පළාත් සභාවේ අවධානය යොමුවී තිබේ.

මළල ක්‍රීඩා රන් පදක්කම්ලාභී තරූෂි කරුණාරත්න ක්‍රීඩිකාවට උපහාරයක් වශයෙන් ඇය ඉගෙනුම ලබන මෙම පාසල් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු වී ඇත.


ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් අනුව මධ්‍යම පළාත් සභාවේ ප්‍රතිපාදන මත මෙම ක්‍රිඩාංගණයේ සංවර්ධන කටයුතු සිදුකිරීමට නියමිතය. වසර දෙකකට පමණ ඉහතදී එහි ඉදිකිරීම් ආරම්භ කර තිබුණත් මූල්‍ය ප්‍රතිපාදන ගැටලු හේතුවෙන් ඉදිකිරීම් ඇණ හිට තිබිණී. නමුත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි ප්‍රමුඛ කාර්යයක් සේ සලකා මෙහි ඉදිකිරිම් සිදුකරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතා පවසයි.


ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුලු නිලධාරී කණ්ඩායමක් ක්ෂේත්‍ර නිරීක්ෂණයක එක් වූ අතර ඉදිරියේදී ඉදිකිරීම් දියත් කිරීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...