සටහන – නිපුනි ලියනගේ
කොළඹ (LNW): ඉහළ මට්ටමේ ඇඟලුම් නිෂ්පාදනය කිරීමේ හැකියාව සඳහා ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලංකාව, ප්‍රධාන අංගයක් ලෙස පවතින කාබනික රෙදිපිළි භාවිතයෙන් පරිසර හිතකාමී ඇඳුම් නිෂ්පාදනය කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම කෙරෙහි දැන් අවධානය යොමු කර ඇත.
ඉදිරි වසර පහ ඇතුළත සියයට 40ක වාර්ෂික වර්ධන වේගයකින් වර්ධනය වීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන භාගයක ගෝලීය කාබනික රෙදිපිළි නිෂ්පාදනය කිරීමට දිවයිනේ ඇඟලුම් අංශය සැලසුම් කරයි.
පාරිසරික පරිභෝජනය ඉහළ යාමත් සමඟ ඇඟලුම් සමාගම් ද පාරිභෝගික රටා වෙනස් කිරීමට සූදානම් වන බව මෙමඟින් පැහැදිලිය.
ඒකාබද්ධ ඇඟලුම් සංගමය (JAAF) ශ්‍රී ලංකාවේ සමාගම් ගෝලීය කාබනික රෙදිපිළි ප්‍රමිතිය (GOTS) ලබා ගැනීම ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන අතර එමඟින් ජාත්‍යන්තරව පිළිගත් භාවිතයන් සහ තිරසාර නිෂ්පාදනයක් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව කර්මාන්තය තුළ වැඩි දැනුවත් කිරීමක් පෙන්නුම් කරයි.
ගෝලීය කාබනික රෙදිපිළි ප්‍රමිතිය(GOTS) හි දකුණු ආසියාතික නියෝජිත ගනේෂ් කසේකාර් විසින් ශ්‍රී ලංකාවේ 2022 ට සාපේක්ෂව සියයට 78 ක වර්ධනයක් අනාවරණය කරන අතර දැනට කර්මාන්තශාලා 136 ක් පවතින බව සහතික කර ඇත.
මෙම ශ්‍රී ලාංකේය සමාගම් අතර, Hirdaramani International Exports, MAS Intimates සහ Brandix ඇතුළු දේශීය ඇඟලුම් දැවැන්තයින් ළමා ඇඳුම්, කාන්තා ඇඳුම්, පිරිමි ඇඳුම් සහ ළදරු ඇඳුම් තිරසාර නිෂ්පාදනය සඳහා ගෝලීය කාබනික රෙදිපිළි ප්‍රමිතිය(GOTS) සහතිකය ලබාගෙන ඇත.
කාබනික තන්තු භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද රෙදිපිළි සඳහා ලොව ප්රමුඛ පෙළේ සැකසුම් ප්‍රමිතිය ලෙස ගෝලීය කාබනික රෙදිපිළි ප්‍රමිතිය(GOTS) පිළිගැනේ. එය සමස්ත කාබනික රෙදිපිළි සැපයුම් දාමය හරහා ඉහළ මට්ටමේ පාරිසරික නිර්ණායක නිර්වචනය කරන අතර සමාජ නිර්ණායකවලට අනුකූල වීම ද අවශ්‍ය වේ.
අනුමත සහතිකකරුවෙකු විසින් GOTS සහතිකය සාර්ථකව ලබා ගැනීමෙන් අනතුරුව GOTS-අනුමත භාණ්ඩවල ප්‍රමිතිය සහ GOTS ලාංඡනය භාවිතා කිරීම ඇතුළුව, GOTS වැඩසටහනට සහභාගී වීමේ අයිතිය සමාගම්වලට සපයයි.
සමාජ වගකීම, පාරිසරික තිරසාරභාවය සහ සදාචාරාත්මක ව්‍යාපාරික භාවිතයන් යන කුළුණු තුන මත ගොඩනගා ඇති ගෝලීය කාබනික රෙදිපිළි ප්‍රමිතිය(GOTS) තුළින් නිෂ්පාදන ක්රියාවලියෙහි අවසානය දක්වා ආවරණය කරයි.