බැසිල්ට ඉංග්‍රීසි උගන්නන්න ආපු අයට වුණේ තමන් ඉංග්‍රීසි නොදන්නා බව පිළිගන්නයි – පතිරණ

Date:

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඩේලිමිරර් පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක වීඩියෝවක් හාස්‍යයට ලක් කරමින් ඒ මහතාට ඉංග්‍රීසි ඉගැන්වීමට පැමිණි පිරිසට අවසානයේ සිදුවුණේ බැසිල් රාජපක්ෂ මහතා නොව තම තමන් ඉංග්‍රීසි නොදන්නා බවට ස්වයං අවබෝධයකට පැමිණීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කරන්නේ ඉහත කී සිද්ධියට අදාළව ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ තමන් ඉදිරිපත් කළ අභියෝගයකට ලැබුණු ප්‍රතිචාර පිළිබඳව පෙන්නුම් කරමිනි.

මෙම අභියෝගය එල්ල කළ ෆේස්බුක් සටහනට ප්‍රතිචාර දහසක් ඉක්මවා ලැබී තිබුණු අතර ඒවායින් බහුතරයක් සිංහල භාෂාවෙන් සටහන් කර තිබිණි.

මේ අතර මෙම භාෂා සිදුවීමට අදාළව මහින්ද පතිරණ මහතා තවත් ආන්දෝලනාත්මක සටහන් කිහිපයක්ම තබා තිබෙනු ද දැකගත හැකිවිය.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/02/18/7356/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී HAC රන් සහ ඉහළම ජයග්‍රාහක සම්මාන දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ලංකා ජාතික කර්මාන්ත...

OPA හි සභාපති ලෙස තිසර ද සිල්වා පත් වෙයි(2025/2026)

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : 2025/2026 වර්ෂය සඳහා...

රටම එකට විශේෂ මෙහෙයුමෙන් තවත් 638ක් අත්අඩංගුවට!

කොළඹ LNW:අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම...