වර්ෂාව අනුව මහ කන්නයේ වැඩ අරඹන්න – කෘෂි අංශ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කාලගුණ විද්‍යා අංශ දී ඇති පුරෝකථන අනුව, මෙවර මහ කන්නයේ දී වර්ෂාව ලැබෙන ආකාරය ගැන අවදානය යොමු කරමින්, නියමිත දිනයන්හිදී කුඹුරු අස්වැද්දීම සිදු කරන ලෙස කෘෂි අංශ විසින් ගොවි ජනතාවට දැනුම් දෙයි.

ඒ අනුව ඔක්තෝබර් මාසයේ දී බස්නාහිර හා දකුණ මෙන්ම රත්නපුර දිස්ත්‍රික්ක වලට සාමාන්‍ය තත්ත්වය ඉක්මවූ වැසි ලැබෙන අතර අනෙකුත් ප්‍රදේශවලට සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබෙනු ඇති බවත්, නොවැම්බර් මාසයේ දී බස්නාහිර, දකුණ හා තවත් ප්‍රදේශ කිහිපයක සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබෙන අතර උතුර, උතුරුමැද, මධ්‍යම පළාත්වලට සාමාන්‍ය තත්ත්වය ඉක්මවූ වර්ෂාවක් ලැබීමට නියමිත බවත්, කාලගුණ විද්‍යා අංශ පවසයි.

තවද, දෙසැම්බර් මාසය තුළ ද මෙම තත්ත්වය දක්නට ලැබෙන අතර මෙවර මහ කන්නයේ දී වගාවට සුදුසු වර්ෂාපතනයක් ලැබීමට නියමිත බවද කාලගුණ අංශ පුරෝකථනය කර අතර, මහ කන්නයේ දී වර්ෂාපතනයක් ලැබුණ ද යල කන්නයේ දී යළිත් දරුණු නියඟයකට මුහුණ පාන්නට සිදුවනු ඇතැයි කාලගුණ අංශ අනුමානය කර ඇත.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ , නියඟයකට මුහුණ පාන්නට සිදුවීමට පෙර ප්‍රධාන ජලාශ යටතේ ජලය නිකුත් කළ වහාම නියමිත දිනය තුළම ගොවිතැන් කටයුතු අරඹන ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...