සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ලොව ප්‍රමුඛතම ඡායාරූපකරණය සහ වීඩියෝකරණ සන්නාමයක් වන CameraLK ආයතනය වෙතින් පවත්වනු ලබන, අති නවීන තාක්‍ෂණයේ ප්‍රදර්ශනයක් වන ” Image Expo 2023” කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වේ.
“Image Expo 2023” හරහා ලෝකයේ ප්‍රමුඛතම වෙළෙඳ සන්නාම හා සමාගම්වල නවතම තාක්ෂණය එකම වහලක් යටදි අත්දැකීමට හැකි, වෘත්තිමය මෙන්ම විනෝදාංශයක් ලෙසත් ඡායාරූපකරණයේ හා වීඩියෝකරණයේ යෙදෙන්නන්ටත් මහඟු අවස්ථාවක් හිමිවේ.
අද (14) පස්වරුවේ “Image Expo 2023” ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක් විය.
එහිදී ජනප්‍රිය ඡායාරූප ශිල්පීන් වන දිමිත්‍රි කෲස් සහ තිළිණ කළුතොටගේ යන අය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන ලැබූ අතර, සම්මානලාභී වනජීවි ඡායාරූප ශිල්පියකු වන ලක්ෂිත කරුණාරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත වනජීවි ඡායාරූප එකතුවක් ප්‍රදානය කළ බවද සඳහන් වේ.
ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ Image Expo 2023 ප්‍රදර්ශනය ඊයේ(14) ආරම්භ කෙරුණු අතර එය හෙටින් (15) අවසන් වීමට නියමිත බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
