එකේ කණ්ඩායම් පස්සට – දෙකේ කණ්ඩායම් පෙරට

0
869

රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසාන කණ්ඩායම් අට අතර තරග ඊයේ ආරම්භ වුණා.එය පෙරළිකාරම තීරණ සහිත තරග වටයක් වනු ඇති බවට ඉඟි පළ කරමින් වර්ථමානයේ ලෝකයේ අංක එකට ශ්‍රේනිගතව සිටින අයර්ලන්තය පරාජය කරමින් පරාජයකින් තරගාවලිය ආරම්භ කළ නවසීලන්තය තමන් ලෝක කුසලානය හා බැදී සිටින බැදීමේ ඉතිහාසය යළිත් තහවුරු කරමින් ජයග්‍රහණය ලබා ගත්තා.එසේම ආජෙන්ටිනාව තමන්ට වඩා ලෝක ශ්‍රේණිගත කිරිම්වල පියවරක් ඉදිරියෙන් සිටින වේල්සය පරාජය කරමින් අවසන් පූර්ව තරගයට පිවිසුණා.

ලෝක කුසලාන රග්බි සමඟ බැදී පවතින සුප්‍රතට ඕල්ඩ් බ්ලැක්ස් නාමයට ඉතිහාසය විසින් එකතු කර තිබෙන අගය රැක ගැනීමේ සටනට නවසීලන්තය පිවිසෙන විට වත්මන් ලෝකයේ අංක එකේ රගර් කණ්ඩායම ලෙස වැජඹෙන අයර්ලන්තය එය රැක ගැනීමට සූදානම්ව පැමිණියා.නමුත් මුල සිටම වෙනම පිබිදීමකින් සටන් කළ නවසීලන්තය තරගයේ මුල් භාගය ද නිමා කළේ අයර්ලන්තයට වඩා ලකුණක් ඉදිරියෙන් සිට 18 – 17 ක් ලෙසයි.දෙවන භාගය අතිශයින් තීරණාත්මක වූ අතර දෙපිළේම ආරක්ෂක අංශ දැඩිව ප්‍රතිවාදීන්ට ලකුණු ගැනීමට හරස්ව සිටියා.
එහිදී විල් ජොර්ඩන් උත්සාහක දිනුමක් මඟින් ලබා දුන් ලකුණු සාර්ථක ප්‍රවර්තනයකින් සහ නිදහස් පහරකින් පුරවන්නට සමත් වූ ජොර්ඩි බැරට් නවසීලන්ත ලකුණු සටහන 28 දක්වා ඉහළට ගෙන ගියා.නවසිලනත්යේ කොඩ් ටේලර් ගේ වරදකට කහ කාඩ් පත් අවවාදයක් සේ ම අයර්ලන්තයට නිදහස් උත්සාහක දිනුමක් ද හිමි වීම නිසා තරගයේ අවසාන භාගය වඩාත් උණුසුම් වුණා.එවැනි තත්ත්වයක ජොර්ඩ් බැරට් නැවත ක්‍රියාත්මක වී එකතු කළ නිදහස් පහරත් සමඟ නවසීලන්ත ලකුණු පූවරුව අයර්ලන්තයේ ලකුණු තත්ත්වය 24 ක් ව තිබියදීම 28 ක් බවට පත් වුණා.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග අරඹමින් පැවති ආර්ජෙන්ටිනාව සහ වේල්සය අතර තරගයේදී වේල්සය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ආර්ජෙන්ටිනාවට වඩා පියවරක් ඉදිරියෙන් සිටියත් තරගයේ ප්‍රතිපල අනුව ලෝක කුසලානයට පියවරකින් සමීප වීමට අවස්ථාව උදා කර ගත්තේ ආර්ජෙන්ටිනා කණ්ඩායමයි.

තරගයේ පළමු භාගයේදී ආර්ජෙන්ටිනාව සිය පාලනයට නතු කර ගන්නට වේල්සයට හැකි වුණා.ඒ අනුව ලකුණු 10 – 6 ක් ලෙස වේල්සය පළමු අර්ධය නිමා වන විට ඉදිරියෙන් සිටියා.එහෙත් දෙවන අර්ධයේදී මුළු බර යොදා වේල්සය පාලනය කළ ආර්ජෙන්ටිනාව සිය ලකුණු පූවරුවට ලකුණු 21 ක් එක් කර ගත්තේ වේල්සයට ලකුණු 7 ක් පමණක් ලබා ගන්නට ඉඩ දෙමින්.දෙවන අර්ධයේදී තරගයේ පළමු අර්ධයේ ස්වරූපය හාත්පසින්ම වෙන්ස කරමින් පෙන් වූ දක්ෂතාවය අවසාන පූර්ව තරයේදී හමුවන නවසීලන්තයට බොහෝ කල්පනාකාරී විමේ උවමනාව පැහිදිලි කර දුන්නා.

මේ වන විට අවසාන කණ්ඩායම් අටට ඒ කාණ්ඩයෙන් දෙවැන්නා ලෙස පැමිණි නවසීලන්තය බී කාණ්ඩයෙන් පළමුවැන්නා ලෙස පැමිණි අයර්ලන්තය තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.එසේම ඩී කාණ්ඩයෙන් දෙවැන්නාව පැමිණි ආර්ජෙන්ටිනාව සී කාණ්ඩයෙන් පළමුවැන්නවා පැමිණි වේල්සය පරාජයට පත් කරා.අද පළමු හමුවීම සි දුවන්නේ සී කාණ්ඩයේ දෙවැන්නා වන ෆිජී සහ ඩී කාණ්ඩයේ පළමුවැන්නා වන එංගලන්තය සමඟයි.ඉන් අනතුරුව ඒ කාණ්ඩයේ පළමුවන තැන සිටින සත්කාරක ප්‍රංශය බී කාණ්ඩයේ දෙවන තැන සිටින දකුණු අප්‍රිකාව හමුවෙනවා.

පළමු අර්ධ අවසන් පූර්ව දිනය දෙවැන්නෝ ලෙස පැමිණි කණ්ඩායම් අවසාන හතරට තල්ලු කරමින් නිමා වී තිබෙන මොහොතක දෙවන දදිනය කෙසේ වනු ඇද්ද යන්න සම්බන්ධයෙන් ලොව පුරා සිටින බිලයන ගණනක රගර් ප්‍රේක්ෂකයින් බලා සිටිනවා.එවැනි තත්ත්වයක අද දවසේ සිය ඉරණම සකස් කර ගැනීමට රගර් විශිෂ්ඨයන් දක්වන කැපවීමෙන් ප්‍රදර්ශනය කරන වේගය,දරා ගැනීම සහ ශක්තිය අපූරු අත්දැකීමක් ජීවිතයට එකතු කරනු නිසැකයි.

සටහන – නිෂ්මං රණසිංහ