මධ්‍යම ආසියානු පිරිමිි වොලිබෝල් සූරතාවලියේ අවසාන තරගය සඳහා ශ්‍රි ලංකාවට එරෙහිව අවසාන තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට උස්බෙකිස්තානය සමත් වුණා. වට 3-0 ක් වූ මෙම ජයග්‍රහණය නිසා නේපාලයට තෙවන ස්ථානය සඳහා හෝ තරග කරන්නට තිබුණු ඉඩ ඇහිරී ගියා.
ලකුණු 25 – 22,25 – 20 සහ 26 -24 ක් වූ එම ජයග්‍රහණය උස්බෙකිස්තානය ලබා ගනිද්දී නේපාලයට එක් තරග වටයක් හෝ ජය ගැනීමට ලැබුණානම් ඔවුන්ට තරගාවලියේ තෙවන ස්ථානය සඳහා තරග වදින්නට තිබුණා.මේ තරගාවලියේ තරගාවලිය තුළ දී සිය දස්කම් ඉහළට වර්ධනය කරගත් කණ්ඩායම බවට පත් වූයේ සවුදි අරාබියානු කණ්ඩායමයි.ඊයේ ඔවුන් සහභාගි වූ අවසන් තරගයේදී තරගාවලිය තුළ කැපී පෙණුන කණ්ඩායමක් සේ උස්බෙකිස්තානය පරාජය කළ එකම කණ්ඩායම සේ සිටින ඇෆ්ගන් කණ්ඩායමට අනපේක්ෂිත පරාජයක් අත් කර දෙන්නට සවුදි අරාබියානු කණ්ඩායමට හැකියාව ලැබුණා.
ඒ අනුව අද නැවතත් තෙවන ස්ථානය සඳහා ඇෆ්ගන් කණ්ඩායම සහ සවුදි අරාබියානු කණ්ඩායම තරග වදින්නට නියිමිතයි.එය පස්වරු 1.30 ට කොළම සුගතදාස පිටියේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
පස්වරු 3.30 ට පැවත්වෙන තරගයට උස්බෙකිස්තානය සහභාගි වන්නේ යම් කිසි ජයග්‍රාහී මානසිකත්වයක් සහිතවයි.ඒ පළමු හමුවීමේදී වට 3-2 ක් ලෙස ශ්‍රී ලංකාව උස්බෙකිස්තානයට පරාජයට පත් වූ නිසයි.නමුත් ශ්‍රී ලංකාව අවසාන තරගයේදී උස්බෙකිස්තානයට මුහුණ දෙන්නේ තමන් සතුව පවතින ගෞරවය උඳුරාගෙන යන්නට පැමිණි සතුරෙකුට මුහුණ දෙන ආකාරයටයි.එම අවසාන තරග මානසිකත්වය මේ වන විට සූරතාවය රැකගෙන සිටින කණ්ඩායමකට වෙනම පීඩනයක් වගේම විශාල වගකීමක්ද එකතු කරන බැවින් ශ්‍රී ලංකාව තමුන් සූරයන් යන මානසිකත්වය පෙරදැරිව තරග වදින විට උස්බෙකිස්තානයට පහසු වන්නේ නැහැ.
පළමු හමුවීමේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා දීප්ති රොමේෂ් මේ අවසාන තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ නැහැ.ඔහු ආබාධයකට ගොදුරුව සිටිනවා.එසේම ඊයේ නේපාලය සමඟ පැවති තරගයේදී උස්බෙකිස්තාන ලිබරෝ ක්‍රීඩකයාද පාදයේ ආබාධයකට ලක්ව රෝහල් ගත කරන තත්ත්වයකට පත් වුණා.මේ තත්ත්වය හමුවේ අද ඔවුන්ටත් සිය නිත්‍ය ලිබරෝ ක්‍රීඩකයාගේ සහය නොලැබෙන්නට ඉඩ තිබෙනවා.
ඊයේ ශ්‍රි ලංකා කණ්ඩායම අවසාන තරගය වෙනුවෙන් මේ දක්වා පිටියට නොබැස්ස ක්‍රිඩකයින්ට ද අවස්ථාවක් ලබා දුන්නා.ඒ අතර සිටි සහන් වැනි ක්‍රිඩකයන් ඕනෑම මොහොතක ශ්‍රි ලංකාවේ මුල හය අතර තැබිය හැකි මිට්ටමේ දැවන්ත හැකියාවක් සහිතව සිටින බව පෙන්නුම් කළා.මේ තත්ත්වය එක වටයක් බංගලාදේශයට පරාජය වුව ද,අවසාන තරගයට පෙර අත් කර ගත් හොඳ තත්ත්වයක් ලෙස හැදින්විය හැකියි.මේ නිසා මහේල,ලෙසඳු සහ වසන්ත මෙන්ම සහන් සහ ඉසුරු ද තරගාවලියේ මේ දක්වා අති සූර ආකාරයට පන්දු සැකස්මේ යෙදුණ මලීශගේ සැකසීම් වලට එල්ල කරන ප්‍රහාර ගොඩ ගැනීම උස්බෙකිස්තානයට පහසු වන්නේ නැති බව පැහැදිළියි.
කෙසේ වුවත් තරගයක් ජයග්‍රහණය සඳහා වඩාත් වැදගත් මෙහෙවරක් ප්‍රේක්ෂකාගාරයකට ද ඉටු කල හැකියි.ඒ නිසා සත්කාරක රටේ වොලිබොල් සිය ජීවිතය හා වෙලා ගත් ප්‍රේක්ෂකයින් අද දවසේ සුගතදාස පිටියට පැමිණිමෙන් ශ්‍රි ලංකාවේ ජයග්‍රහණයට එකතු කළ හැකි දේ සුවිශේෂයි.ඒ නිසා සත්කාරකත්වයේ පෙණුම හිස් ගෙඩි ගණනින් පැවසීමට අද දවසේ බොහෝ වොලිබොල් ප්‍රේමී ලාංකිකයන් මෙන්ම රටේ ක්‍රිඩා ජයග්‍රහණ අපේක්ෂා කරන දේශප්‍රේමි ක්‍රිඩා ලෝලීන්ද සුගතදාස පිටියට පැමිණියහොත් එය ද ජයග්‍රහණයට පිටුවහලක් වන සාධකයක් වනු ඇත.

සටහන – නිෂ්මං රණසිංහ
