පහේ හපනුන්ගේ දවස අදයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අද (15) දින පැවැත්වෙන අතර, මෙවර අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ, විභාගය, මධ්‍යස්ථාන 2888ක දී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි.

‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සහභාගි වන සියලු අපේක්ෂකයන් පෙරවරු 09 පමණ වන විට විභාග ශාලා වෙත පැමිණීම සිදු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දන්වා සිටී.

දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කර ඇත්තේ ,ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්වූ මාතර, අකුරැස්ස සහ මුලටියන අධ්‍යාපන කලාපවල විභාග අපේක්ෂකයන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විභායට පෙනීසිටිමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...

බොස්නියාවේ යුද්ධයට වසර 30ක් : ඒ අමිහිරි සිදුවීම් සිදු වූයේ කෙසේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොස්නියාව සහ හර්සගොවිනා...