ඔන්ලයින් පනත ගැන අන්තරේ හා වෘත්තීය සමිති මන්ත්‍රී පාඨලී සමඟ සාකච්ජාවක!

Date:

කොළඹ LNW: මාර්ගගත සුරක්ෂිතභාවයට යම් නියාමනයක් අවශ්‍ය නම් ඒ පිළිබඳව මාධ්‍ය ආයතන සමඟ රජය සාකච්ජා කර නියාමනය කළ යුතු කරුණු පිළිබඳව එකඟතාවයට පැමිණිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ පිළිබඳව පවසා සිටියේ මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මාර්ගගත සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව සියලු පක්ෂ හා සංවිධාන එකමුතුව කටයුතු කිරීමේ වැදගත්කම හා ඒ සඳහා ගත යුතු ඉදිරිපියවරයන් පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ඊයේ (14) දින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය හා වෘත්තීය සංවිධාන රැසක් එක්සත් ජනරජ පෙරමුණු පක්ෂ මුලස්ථානයට පැමිණි අවස්ථාවේදීය.

යෝජිත පනත හරහා මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන ආකාරය ගැන පිරිස කර තිබුණි.

මෙම සාකච්ජා වටය සඳහා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජන කරමින් ශිෂ්‍ය පිරිසක් හා වෘත්තීය සමිති වෙනුවෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති රවී කුමුදේශ් මහතා, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා මහතා, ලංකා ගුරුසේවා සංගමය නියෝජනය කරමින් ජෝසප් ස්ටර්ලින් මහතා සම්බන්ධ විය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ ගෝලීය ජායාරූප සන්නිවේදනය ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන් කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රවීණ...

නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...