බදුල්ල හල්දුම්මුල්ලට නායේ යෑමේ රතු නිවේදන!

Date:

කොළඹ LNW: බදුල්ලට ඇතිවූ අධික වර්ෂාපතනය හේතුවෙන් හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව අනතුරුදායක ප්‍රදේශවලින් ජනතාව ඉවත් කළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කරන්නේ.

ඒ සඳහා යුද හමුදාවේ සහය ලැබී තිබෙන අතර ශිෂ්‍යත්ව විභාගය සදහා ද අපදවකින් තිරව දරුවන් පැමිණ ඇති බවයි රණසිංහ මහතා පවසන්නේ.

යම් ආපදා තත්ත්වයක් වෙතොත් 117 දුරකථනයට දැනුම් දෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මීට අමතරව ගාල්ල, හම්බන්තොට, මහනුවර, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...