බදුල්ල හල්දුම්මුල්ලට නායේ යෑමේ රතු නිවේදන!

කොළඹ LNW: බදුල්ලට ඇතිවූ අධික වර්ෂාපතනය හේතුවෙන් හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව අනතුරුදායක ප්‍රදේශවලින් ජනතාව ඉවත් කළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කරන්නේ.

ඒ සඳහා යුද හමුදාවේ සහය ලැබී තිබෙන අතර ශිෂ්‍යත්ව විභාගය සදහා ද අපදවකින් තිරව දරුවන් පැමිණ ඇති බවයි රණසිංහ මහතා පවසන්නේ.

යම් ආපදා තත්ත්වයක් වෙතොත් 117 දුරකථනයට දැනුම් දෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මීට අමතරව ගාල්ල, හම්බන්තොට, මහනුවර, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...