නිව්යෝර්ක්, එක්සත් ජනපදය (LNW): නිව්යෝර්ක් නගරයේ වාසය කරනු ලබන ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන්ගේ දායකත්වයෙන් සහ නයනා පාගොඩ මැතිණියගේ මූලිකත්වයෙන් බ්‍රොන්ක්ස්හි පෞරාණික Temple of Enlightenment විහාරස්ථානයේ වැඩ වාසය කරනු ලබන අතිපූජ්‍ය කෙරවලපිටියේ සුබෝධ හිමිපාණන් වහන්සේ ගේ අනුසාසනා පරිදි ප්‍රථම වරට සිදුකරනු ලබන කඨින චීවර මහ පූජෝත්සවය 2023 වර්ෂයේ ඔක්තෝබර් මස 21 සහ 22 යන දෙදින තුළ මහත් උත්කර්ශයෙන් සිදු කෙරේ.
21 සෙනසුරාදා හවස 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මහ පිරිත් දේශනාව පැවැත් වේ. 22 ඉරිදා උදෑසන 9 කඨින චීවර පෙරහැර සාම්ප්‍රදායික නැටුම් වැයුම් සහිතව වීති සංචාරය කෙරේ.
ඉන් අනතුරුව කඨින චීවරය සඟසතු කිරීම, බුද්ධ පූජාව සහ සපිරි කර දහවල් සාංඝික දානය පිරිනැමේ. දානයෙන් අනතුරුව කඨින ආනිසංස දේශනාව සහ පුණ්‍යානුමෝදනාවෙන් පිං කම් මාලාව නිමා වේ.
නිව්යෝර්ක් වාසී සැමට ආරාධනා!!



Temple of Enlightenment
3070 Albany Crescent Bronx NY 10463
Phone: 1 718 884 9111
Email: [email protected]
