දෙදිනක බැඩ්මින්ටන් විනිසුරු පාඨමාලාවක්

0
292

ජාතික තලයේ බැඩිමින්ටන් විනිසුරුවරයෙක් ලෙස අවශ්‍යය සුදුසුකම් සපුරා ගැනීම සඳහා වන පාඨමාලාවක් ශ්‍රී ලංකා බැඩිමින්ටන් හී මූලිකත්වයෙන් දෙසැම්බර් 2 සහ 3 යන දෙදින තුළ සංවිධානය කර ඇත.දෙදිනම පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පාඨමාලාවට අදාළ ක්‍රියාකාරකම් පැවත්වීමට තීරණය කර තිබේ.පාඨමාලා ගාස්තු ලෙස රුපියල් 10000 ක මුදලක් අය කෙරෙන මෙම පාඨමාලාව පිළිබඳව වැඩි විස්තර දැන ගැනීම සදහා දුරකතන අංක 0714422545 ඔස්සේ උපුල් ගම්ලත් හෝ දුරකතන අංක 0712776503 ඔස්සේ චතුරංග විශ්වනාත් සම්බන්ධ කර ගන්නා ලෙස ශ්‍රී ලංකා බැඩ්මින්ටන් දන්වා සිටියි.ඉල්ලුම්පත් භාර ගැනීමේ අවසාන දිනය ලෙස නොවැම්බර් 11 වන දින දක්වා ඇති අතර පහත සබැඳියෙන් අයදුම් පත්‍රයට පිවිසීමට හැකියාව තිබේ.

https://surveyheart.com/form/65115a1f4e94562d1123ecc8?fbclid=IwAR0d5NLUJr4tUdxE0nFz9mQL_Tn3CemqgbWKGrtQm460k7lY9iTP2EPgcME

සටහන – නිෂ්මං රණසිංහ