2028 – 2030 වෙද්දි විශ්‍රාම වැටුපට කුමක් වෙයිද? – විපක්ෂ නායකගෙන් හෙලිදරව්වක්

Date:

විශ්‍රාම වැටුප් සහ වැටුප් ගෙවන වැඩපිළිවෙළ කලමනාකරණය කර ගන්න බැරි තත්ත්වයකට ඒවිදෝ යනුවෙන් ගැටලුවක් මතුව ඇති හෙයින්, මෙය පවත්වා ගෙන යාමට නම් ලැබිය යුතු රාජ්‍ය ආදායම ආදිය සම්බන්ධයෙන් සමීක්ෂණයක් කර ඇත්ද යනුවෙන්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පැවැති කාරක සභාවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේය.

එසේම, 2015-2019 කාලය තුළ රාජ්‍ය සේවයේ නිරත වූ නිලධාරීන්ට දීමනාවක් ලබා දී පසුව එය විශ්‍රාම වැටුපට ගැලපූ අවස්ථාවේ එහි දී අඩුපාඩු රාශියක් සිදුවී විශ්‍රාමිකයන්ගේ ගැලපීම 2020 ජනවාරි මාසයේ ගත් තීන්දුවක් තුළ ඇනහිටි බවත්, එය සිදු කිරීමට නම් වැයවන මුදලත් අගතියට පත් පුද්ගලයන් සංඛ්‍යාවත් විපක්ෂ නායකවරයා මෙහි දී තවදුරටත් ප්‍රශ්න කලේය.

තවද 2020 ජනවාරි මාසයේ මෙය අත්හිටුවීමට බලපෑ හේතු විමසීමේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ, රටේ පැවැති ආර්ථික අර්බුදයත් සමඟ මුදල් ගැටලුවක් ඇති වීම නිසා එම ගෙවීම් සිදු නොකිරිමට සිදු වූ බවත් ය.

එසේ ම ඉදිරියේ දී විශ්‍රාම වැටුප් වේතන තිරසරව පවත්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් පවති ද යන්න විපක්ෂ නායකවරයා විසින් ප්‍රශ්න කර සිටි අවස්ථාවේ දී , විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් කියා සිටියේ 2028-2030 වන විට විශ්‍රාම වැටුප් ගෙවීමේ අර්බුධයකට මුහුණ දෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදෙස් ගත ශ්‍රී ලාකිකයින් සඳහා ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා..

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ...

වසර 54කට පසු මිනිසුන් යළි හඳට – වසරේ පළමු උල්කා වැස්ස අද රාත්‍රියේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව අද (03)...

දිවා රෑ දෙකටම සූදානමින් හැඩ වෙන එස්එස්සී

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: කොළඹ එස්එස්සී පිටිය විස්සයි...

පොල් අපනයනයෙන් තැබූ වාර්තාව!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : මෙරට පොල්...