Hayleys සමූහයේ මිලින්ද හේවාගම ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්ත ජාලයේ මණ්ඩලයට එක්වෙයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
Hayleys සමූහ ව්‍යාපාරයේ සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී සහ ESG ප්‍රධානී මිලින්ද හේවාගම මහතා එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්ත ජාලයේ ශ්‍රී ලංකා මණ්ඩලයට මෑතකදී පත් කර තිබේ.

මූල්‍ය භූමිකාවන්හි වසර 17කට අධික විවිධ අත්දැකීම් ඇති මිලින්ද හේවාගම, 2010 වසරේ Hayleys වෙතින් ආරම්භ කර වසර 13ක් වැනි කෙටි කාලයක් තුළ සමූහ ප්‍රධාන විධායක නිලධාරියා දක්වා ඉදිරියට ගිය අයෙකි.

ඔහු Hayleys සමූහයේ ESG මාර්ග සිතියම මෙහෙයවීමේ වගකීම දරයි, එය Hayleys Lifecode ලෙස හැඳින්වෙන අතර එය එම සමූහයේ පාරිසරික, සමාජීය සහ පාලනය යන අංශයන් ඒකාබද්ධ කරයි.

හේවාගම, කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ අතර එහිදී ඔහු ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිය සහ MBA උපාධියද සම්පූර්ණ කළේය. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ද සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.

ඔහු අද, දත්ත මත පදනම් වූ තීරණ ගැනීම, ඩිජිටල්කරණය සහ තත්‍ය කාලීන උපකරණ පුවරු වල වැඩෙන වැදගත්කම ඉස්මතු කරමින් ඒ පිළිබඳ පැහැදිලි කරයි. සදාචාරාත්මක ව්‍යාපාර කළමනාකරණය සහ අවදානම් අවම කිරීම සඳහා ශක්තිමත් පාලනයක් ඔහුගේ විශ්වාසය විය.

සියලුම සේවකයින්ට ගෞරවයෙන් සැලකීම, සංවේදනයෙන් නායකත්වය දීම සහ සේවක යහපැවැත්ම සහතික කිරීම ඉතා වැදගත් වන බව ද අවධාරණය කරයි.

ව්‍යාපාරික උපාය මාර්ගවලට ESG ඇතුළත් කිරීමෙන් වඩාත් ඔරොත්තු දෙන ව්‍යාපාරික ආකෘතීන් ඇති වන බව ඔහු විශ්වාස කරන අතර මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා Network Sri Lanka සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ශුභවාදී දැක්මක් ඔහු දකින බවද පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියානු ගිනි කන්දක් සක්‍රිය වීම හේතුවෙන් බාලිහි ගුවන් ගමන් ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆ්ලෝරස්...

Volker Turk ලඟදීම දිවයිනට!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : තෙදින නිල සංචාරයක්...

මරික්කාර්ට ඇන්නවූ මුජිබර් – මුජිබර්ට ඇන්නවූ මරික්කාර් නිසා සජබට කොළඹ, කොලොන්නාව දෙකම අහිමි වෙලා ?

සමගි ජන බලවේගය ස්ථිරවම බලය අල්ලනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි...

ඊශ්‍රායලය, ඉරාන ආරක්ෂක ඒජන්සියට පහර දේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල් ගුවන් හමුදාව...