ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන දරුවන් 724ක් ඝාතනය වෙයි.ඉන්ධන නොමැතිව ගාසා රෝහල් අර්බුදයක!

Date:

කොළඹ LNW: ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිව තිබෙන ගැටුම් හේතුවෙන් ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන්මේ වන විට ළමුන් 724 ක් ඇතුළුව පලස්තීන වැසියන් 2329 දෙනෙකු මියගොස් තවත් 9700 ක් පමණ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල වැසියන් 1300 ක් පමණ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය පසුගිය දා, උතුරු ගාසා තීරයේ වැසියන්ට එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස නියෝග කළ අතර එම නියෝගයට අනුව මේ වන විට දස දහස් ගණනක පලස්තීන වැසියන් පිරිසක් දකුණු ගාසා තීරය පල යමින් සිටින බව සඳහන්.

එසේ පලායමින් සිටි පලස්තීන වැසියන් රැගත් ට්‍රක් රථයකටද ඊශ්‍රායලය ගුවන්න් ප්‍රහාර එල්ල කර තිබෙන නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරන බවයි ඊශ්‍රායලය කියා තිබුණේ.

ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ පලස්තීන වැසියන් ලක්ෂ 11 ක් පමණ ජීවත් වන අතර ඉවත් වීම සදහා ඔවුන්ට ලබා දී තිබෙන පැය විසි හතරක කාල සීමාව මේ වන විටත් අවසන් වී තිබේ.

ඒ අනුව ගොඩබිම් මෙහෙයුම් දියත් කිරීම සදහා, ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ මායිම්වල ස්ථානගත කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඊශ්‍රායලයේ සහාය වෙනුවෙන් ඇමරිකාවද පෙනී සිටින අතර යුද නෞකාවක් මධ්‍යධරණී මුහුදට එවා ඇති බවද සඳහන්.

පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය දියත් කර තිබෙන ආක්‍රමණය වහා නවතන ලෙස ඉරානය ඊශ්‍රායලයට දැනුම් දී ඇති අතර, එසේ නොවුණහොත් දරුණු ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට ඊශ්‍රායලයට සිදුවනු ඇති බවටද අනතුරු අඟවා ඇත.

එමෙන්ම ගාසා රෝහල් තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ තවත් පැය 24කට පමණක් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ගාසා රෝහල්වලට අවශ්‍ය ඉන්ධන සංචිත ලබාදීමට නොහැකි වුවහොත් රෝගීන් දහස් ගණනකගේ ජීවිත අනතුරට ලක්වන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ඉන්ධන අවසන් වීමත් සමග රෝහල්වලට අවශ්‍ය විදුලි බලය සපයා ගැනීමට නොහැකිවීම හරහා දැඩි අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැගෙනු ඇති බව ද එම සංවිධානය සඳහන් කරයි.

එමෙන්ම ගාසා වැසියන්ට අවශ්‍ය ජලය,ආහාර,ඖෂධ හා විදුලි බලය සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මානූෂීය අර්බුදයක් හට ගෙන ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...