LNW ඉල්ලිමට අධ්‍යාපන අධ්‍යක්ෂ එකඟ වෙයි – තරුශිට,උත්තරාට සහ විශ්මිට විශේෂ පිළිගැනීමක්

Date:

ආසියානු ක්‍රිඩා උළෙල නිමාවිමෙන් ඉනික්බිති සියලු අවධානය තරුෂි කරුණාරත්න වෙත හිමිව ඇත.ඇත්තටම එය පුදුමයක් නැත.ඇය තරුවකි.බොහෝ දිප්තියෙන් යුත් තරුවක්ය.ඒ ගැන තර්කයක් නැත.නමුත් ඒ තරුව පෑයීම වැළක්වීමට උත්සාහ ගත් අවස්ථාවන්හී ඊට එරෙහි වූ සීමිත පිරිස අතර අපි ද සිටියෙමු.එහෙත් දැන් මේ මොහොත ඒ තරුවෙන් ඇස් නිලංකාර කරගෙන කටයුතු කිරීමට යොදා ගැනීම වෙනුවට තවත් තරුවල දීප්තිය වැඩි කර ගැනීමටද යොදා ගත යුතු බව අපි විශ්වාස කරන්නෙමු.නැතිනම් තරුහි දිනූ ලෙසම තවත් දශක ගණනාවකට අපට පදක්කම් නැති නියඟයක් හමුවන්නට ඉඩ ඇත.


ඒ සඳහා හොඳම මඟ පෙන්වීම කළ හැක්කේ සමස්ත ලංකා පාසල් මලල ක්‍රිඩා උළෙලේය.විශේෂයෙන් වසර 21 ට පසුව තරුසි රන් පදක්කමක් මලල ක්‍රීඩාවෙන් රටට දිනා දීම වගේම වසර 17 ක් කිසිඳු පදක්කමක් නැතුව සිටි රටක කුමන හෝ පදක්කමක් දිනීම යනු ද රත්තරන් වටිනාකමක්ය.ඒ රත්තරන් වටිනාකම මලල ක්‍රීඩාවෙන් දිනා දෙන්නට තරුශි පමණක් නොව පාසල් ක්‍රීඩිකාවක ලෙස තරුෂිගේ වයසේම පසුවන උත්තරා ජයේශි ද ඊට ඇතුළත් විය යුතුය.

එසේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් වඩාත්ම අවධානයට ලක්ව තිබෙන ක්‍රිඩාව ක්‍රිකට්ය.එම ක්‍රිකට් ක්‍රීඩාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර මෑත කාලයේ විශාල අවධානයක් දිනා ගන්නට ශ්‍රී ලංකාවට හැකි වි ඇත.එහි එක් පියවරක් වශයෙන් මෙවර ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රිදි පදක්කමක් දිනා දුන් ක්‍රිකට් කණ්ඩායමේ විශාල වගකීමක් පැවරුණු ක්‍රිඩිකාවක හැටියට විශ්මි ගුණරත්න අවිවාදිතය.

මේ කරුණු තුනම අපේ අවධානයට ලක් වූ අතර සමස්ත ලංකාවේම පාසල් ක්‍රිඩා දක්ෂයන් නියෝජනය වන තැනක ඔවුන්ට ලබා දෙන ආඩම්බරය,අභිමානය සහ ගෞරවය තවත් දහස් ගණකට අභිප්‍රේරණයකි.ඔවුන්ගේ වචනයක් වුව ශක්තියකි.පෙණුමද දිරියකි.ඒ නිසා ඔවුන් ගැන අප අධ්‍යාපන අඹාත්‍යංශයේ ක්‍රීඩා විෂය බාර අධ්‍යක්ෂවරයා වන උපාලි අමරතුංගයන්ට පැවසිමු.ඒ වන විටත් තරුව ගැන ඔවුන් සිතා සිටියත් රත්තරන් හැරෙන්නට රිදි සහ ලෝකඩ තරු ද්විත්වය අවධානයට ලක්ව තිබුණේ නැත.

වඩාත්ම වැදගත් වන්නේ උපාලි අමරතුංගයන්ගේ නිහතමානීත්වය සහ කාරණාවකදී සංවාදශිලීව ඊට ධනාත්මක අදහස් සහිතව කරණ මැදිහත්වීමය.එවැනි නිලධාරී අඩු නිලය යනු තරු කරගෙන සිටින බැවිනි.නමුත් ඒ අර්ථයෙන් ගත් විට අමරතුංගයන් සොඳුරු සහ සුහද ලෙස අපේ යෝජනා ස්වරූපයේ අදහස භාර ගත්තේය.මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ න්‍යාය පත්‍රයට විශේෂත්වයක් සහිතව තරුශි කරුණාරත්න සමඟ උත්තරා ජයේශ්‍රී ද,විශ්මි ගුණරත්න ද එකතු වනු ඇත.

ක්‍රීඩා අධ්‍යක්ෂවරයාට ස්තූතිවන්ත වෙමු.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...