අනවසරයෙන් ආ ඉන්දීය ධීවරයින් 137 දෙනෙකු නාවික හමුදා භාරයේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2023 වසරේ මේ දක්වා කාලය තුළ නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුම්වලින් මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා 22 ක්‍ සමග ඉන්දීය ධීවරයින් 137 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

නාවික හමුදාව සඳහන් කළේ, පසුගිය 14 වනදා ද මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ නිරත වූ ඉන්දීය ධීවරයින් යාත්‍රා 5ක් සමග ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. මන්නාරමට ඔබ්බෙන් සහ යාපනය, ඩෙල්ෆ්ට් හා කච්චතිව් දූපත් අසල වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී බවයි නාවික හමුදාව පැවසුවේ.

මෙම ධීවරයින් තලෙයිමන්නාරම ජැටිය සහ කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාරදී ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අදාළ ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලමින් රාමේශ්වරන් හි ධීවරයින් ඊයේ දිනයේ වර්ජනයක ද නිරත වී තිබූ බවට තොරතුරු සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...