අද (17) කාලගුණය – පස්වරුවේ තද වැසි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (17) සවස් වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසයි.

ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත්, දැනට පවතින වැසි තත්ත්වය ඉදිරියේදී තව වැඩි වන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා ප්‍රකාශ කරයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසූවේ, දිස්ත්‍රික්ක 9 කට පැන වූ නායයයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇති අතර, බදුල්ල, ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා අදියර 1 සහ 2 යටතේ එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

එම ප්‍රදේශවල ජනතාව ගල් පෙරළීම්, නායයෑම්, පොළව ගිලා බැසීම්, පස් කඳු කඩා වැටීම් වැනි තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් විය යුතු බවද ,ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...