අද (17) කාලගුණය – පස්වරුවේ තද වැසි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (17) සවස් වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසයි.

ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත්, දැනට පවතින වැසි තත්ත්වය ඉදිරියේදී තව වැඩි වන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා ප්‍රකාශ කරයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසූවේ, දිස්ත්‍රික්ක 9 කට පැන වූ නායයයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇති අතර, බදුල්ල, ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා අදියර 1 සහ 2 යටතේ එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

එම ප්‍රදේශවල ජනතාව ගල් පෙරළීම්, නායයෑම්, පොළව ගිලා බැසීම්, පස් කඳු කඩා වැටීම් වැනි තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් විය යුතු බවද ,ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...