කුසල්ටත් කාසියේ ජය විතරයි

0
120

නායක දසුන් ශානකගේ ආබාධය නිසා කුසල් මෙණ්ඩිස් මත පැටවුණු පළමු නායකත්වයේ වගකීම ද කෙළවර වූයේ ජයග්‍රහණයක් හැටියට කාසියේ වාසිය පමණක් ජය ගැනීමට සීමා වෙමින්ය.ඩේවිඩ් වර්නර්ගේ සුපිරි උඩ පන්දු රැකීමත් සමඟ තරගාවලිය තුළ මේ දක්වා රැකගෙන ආ සුපිරි ලකුණු රැස් කිරීමේ දායකත්වය ලබා දීමද කුසල් මෙණ්ඩිස්ගෙන් ඊයේ ගිලිහිණ.එහෙත් මේ දක්වා තරගාවලිය තුළ නොදුටු සුපිරි ආරම්භයක් ලබා දීමට ඊයේ පැතුම් නිශ්ශංක සහ කුසල් ජනිත් පෙරේරා සමත්වීම කැපී පෙණින.ඔවුන් මනා ආරම්භයක් ලබා ගනිමින් ප්‍රථම කඩුල්ලට ලකුණු 125 ක සබඳතාවයක් ගොඩ නැඟීය.


පන්දු 82 දී ලකුණු 78 ක් ලැබූ කුසල් ජනිත් සහ පන්දු 67 න් ලකුණු 61 ක් ලැබූ පැතුම් නිශ්ශංඛගෙන් පසුව ශ්‍රී ලංකා පූවරුලෙක්කම් දෙකක ලකුණු සඳහන් වුයේ දෙතැනක පමණි.ඒ චරිත් අසලංකගේ නම ඉදිරියේ ලකුණු 25 ක් සහ අතිරේක ලකුණු එකතුවේ ලකුණු 13 ක් ලෙසය.පිතිකරණයෙන් ශ්‍රී ලංකාවේ හැසිරීම එවැනි තත්ත්වයක් වූ නිසා ලකුණු පූවරුව යාන්තමට ලකුණු 200 ඉක්මවා ලකුණු 209 දී නැවතිණි.
ඇඩම් සම්ාගේ පන්දු යැවීමට ප්‍රවේශවීම පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කළ භාර ගත්තද පසුපෙළ පිතිකරුවන් හරහා සිය රිද්මයට පිවිසීමට පහසුකම් ඇති කර ගත් ඇඩම් සම්පා ශ්‍රී ලංකා ඉණිමට හානි කළ ප්‍රධානම පන්දු යවන්නා විය.ඔහු ලකුණු 47 ට කඩුලු 4 ක් දවා ගත්තේය.ශ්‍රී ලංකා පිතිකරණය කඩා වැටෙන්නට පටන්ගත් විට ඒ ගොදුරු වීම දඟ පන්දුවට ද වේග පන්දුවටද යන්න අදාළ කර නොගන්නා අතර ඒ අනුව මිචෙල් ස්ට්‍රැක්ට සහ පැට් කමින්ස්ට ද පිළිවෙළින් ලකුණු 43 ට සහ 32 ට කඩුලු 2 බැඟීන් ලබා දෙන්නට ශ්‍රී ලංකා පිතිකරුවෝ වග බලා ගත්හ.


පිළිතුරු ඉණිම අපහසු කරමින් ඩිල්ෂාන් මධුශංක ලකුණු 24 වන විට ඕස්ට්‍රේලියානු කඩුලු 2 ක් අහිමි කරන්නට සමත් වුව ද,මතීශ පතිරණ වෙනුවට කණ්ඩායමට කැද වා තිබූ ලහිරු කුමාර ද ඒ ඉරණමටම මුහුණ දෙමින් සිටියේ මිචෙල් මාෂ්ගේ පිත්තේ හැසිරිම ඉදිරියේය.ඕස්ට්‍රේලියාව ලකුනු 209 කරා පැමිණිමේදී ලහිරු පන්දු ඕවර් 4 ක් යවමින් ලකුණු 47 ක් ලබා දී තිබිණ.මධුශංක ඕස්ට්‍රේලියානුවන්ට හිසරදයක් වෙමින් තරගය නිමා වන විට පන්දු ඕවර් 9 ක් යවා ලකුණු 38 ට කඩුලු 3 ක් දවා ගෙන තිබිණ.
මිචෙල් මාෂ් (52) සහ ජොස් ඉන්ග්ලිස් (58) අර්ධ ශතක ලබමින් ඕස්ට්‍රේලියානු ඉණිමට ශක්තිය ලබා දුන්න ද,තරගයේ අවසාන භාගයේ ශ්‍රී ලංකාවට එරෙහිව දරුණුම කෙටි ප්‍රහාරයක් එල්ල කළ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 21 ට ලකුණු 31 සහ මාකස් ස්ටොනික්ස් පන්දු 10 ට ලකුණු 20 ක් ලබමින් දෙරට අතර ක්‍රිකට් වෙනස් ගැන වෙනස්ම ඉඟියක් ලබා දුන්හ.


ශ්‍රී ලංකා පන්දු රැකීම ද තිබුණේ පහළ අඩියකය.උඩ පන්දු පමණක් නොව සමහර පන්දු රැකීමේදී රැල්ලට ගසා ගෙන වෙරළට එන දේවල් ආපසු යන්න නොදී රැක ගන්නට දරණ අසාර්ථක උත්සාහයන් වැනි දැගළිලි ද දකින්නට ලැබිණි.තේරීම් කමිටුව ආසියානු ක්‍රීඩා උළෙලට නම් කළ ක්‍රිකට් කණ්ඩායම මෙන්ම,ලෝක කුසලාන තරගාවලියට නම් කරන ලද ක්‍රිකට් කණ්ඩායමද අදාළ තැනට ගැලපෙන ලෙස සකස් වී නැත.කණ්ඩායම ඇතුළේ සිටින ඉත්තනගෙන් දාම් ඇඳ විසඳා ගන්නට යාමේදී සිටින්නේ ඒ නොගැලපෙන ඉත්තන්නම් ප්‍රතිපලය එමමය.එවැනි වැරි ඉත්තන් බෝඩ් එක මතට අත අරින කණ්ඩායම වෙනස් නොකරන තෙක් ඉත්තන් වෙනස් කර මහඟු පල අපේක්ෂා කරන එක අපේ නොතේරුම්කම හෝ ක්‍රිකට් කැමත්තය.ඉත්තන්ට බනින එක කර ඉත්තන් තෝරා දෙන එවුන්ට නොබැනීම ද ඉහත නුසුදුසුකම්වලටම අදාළය.
තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකිය.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/australia-vs-sri-lanka-14th-match-1384405/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ