බයිඩන් හෙට ඊශ්‍රායලයේ සංචාරයක

Date:

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ආරාධනය පරිදි හෙට(18) දිනයේ ඊශ්‍රායල-හමාස් යුද්ධයට විසඳුමක් සෙවීම සඳහා ඊශ්‍රායලයේ සහ ජෝර්දානයේ සංචාරය කරන බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

ඔක්තෝබර් 07 හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කරන ලද මාරාන්තික ප්‍රහරවලිය හේතුවෙන් ඊශ්‍රායලයට තමාව ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇති බව විශ්වාස කරන බයිඩන් වැඩිදුරටත් ප්‍රකශ කර තිබුණේ, ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම කලාපයේ අනෙකුත් ප්‍රදේශවලට ඇදී යා හැකි බැවින් එය වැලැක්වීමට එක්සත් ජනපදය කටයුතු කරන බවයි.

මේ වන විට ඊශ්‍රායල විසින් ගොඩබිම හරහා දැවැන්ත මෙහෙයිමක් හමාස් ඉලක්ක වෙත සිදු කිරීමට සුදානමින් සිටින අතර, එක්සත් ජනපදය විසින් ගුවන් යානා වාහක නෞකාවක්, නැව් සහ ජෙට් යානා නැගෙනහිර මධ්‍යධරණී මුහුදට ගෙන විත් ඇති අතර ඊශ්‍රායලයට අමතර උපකරණ සහ පතොරම් ද ලබා දෙන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කර ඇත.

ඊශ්‍රායලය යුද නීතිවලට යටත්ව ක්‍රියා කරන බව විශ්වාස කරන බයිඩන් නරක අතට හැරෙන ගැටුම් කලාපයට මානුෂීය ආධාර සහ සැපයුම් සඳහා ඉඩ දෙන ලෙස ඊජිප්තුව සහ අනෙකුත් ජාතීන්ගෙන් ඉල්ලා ඇත.

මේ වන විටත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මැදපෙරදිග සංචාරය කරමින් ගාසා තීරය පාලනය කරන හමාස් යුද්ධය පුලුල් කලාපීය ගැටුමක් ඇවිලවීම වැළැක්වීමට උත්සාහ කරමින් සිටින අතර විශ්ලේෂකයන් අදහස් දක්වන්නේ බිඩෙන්ගේ පැමිණීම ඉරානයේ ප්‍රකෝපකාරී පියවරක් ලෙස දකිනු ඇති බවයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...

පැසිෆික් සාගරයේ යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාව පුද්ගලයින් දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් සාගරයේ යාත්‍රාවකට...