පැහැර ගැනීමට ලක් වූ කාන්තාවන් ගැන තවමත් තොරතුරු නෑ – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජෝර්දාන් – ඊශ්‍රායල් දේශසීමාවේදී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බවත්, ඔවුන් දෙදෙනා පිළිබඳව තොරතුරු සොයමින් සිටින බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියා සිටී.

නමුත්, පවතින ගැටුම් හමුවේ අතුරුදන් වූ ශ්‍රී ලාංකකයින් දෙදෙනා පිළිබඳව ද තවමත් තොරතුරු ලැබී නැති බවද බණ්ඩාර මහතා පැවසීය.

“මේ වන විට විශේෂයෙන්ම ගාසා තීරයේ උතුරු කොටසේ සිට දකුණු කොටස දක්වා එහි පදිංචි ජනතාව ගමන්කොට තියෙනවා. ඒ අතර ශ්‍රී ලාංකිකයන් 27ක් සිටින බව පලස්තීන කාර්යාලයේ සිටින අපේ පලස්තීන නියෝජිතතුමා විසින් පැහැදිලි කරනු ලැබුවා. ඒ 27 අනෙකුත් පිරිස සමඟ ඊළඟට ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා ඊජිප්තුව කරා. ඔවුන් විසින් විවෘත කරනු ලබන මාර්ගයක් ඔස්සේ ඒ සඳහා කටයුතු සම්පාදනය කිරීම පලස්තීන කාර්යාලය විසින් සිදුකරනු ලබනවා. ඒ අතරතුර රතු කුරුස සංවිධානය දැනට ඉල්ලීමක් කරලා තිබෙනවා, හමාස් සංවිධානයේ ප්‍රධානීන්ගෙන් ඔවුන් සැකකරන 150ක් පමණ වූ ඊශ්‍රායල සහ විදේශික ජාතිකයන් ඔවුන්ගේ අත්අඩංගුවේ තිබෙනවා. එ් අත්අඩංගුවට පත්වෙලා ඉන්න සියලුදෙනාගේ විස්තර ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 36ක විදේශිකයන් ඒ අතර සිටින බව දැනට සනාථ වෙලා තිබෙනවා. මං හිතනවා එ් විස්තර ලැබුණොත් අපේ අතුරුදහන් වූ පුද්ගලයන් දෙදෙනා පිළිබඳව එම ස්ථානයේ තිබෙනවා නම් අපිට ඒ තොරතුරු ලබාගැනීමේ හැකියාව තියෙනවා.”

ලෙස ඒ මහතා පැවසීය.

ගාසා තීරයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් ඊජිප්තුව හරහා ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, ඊජිප්තු තානාපති කාර්යාලය සමග සාකච්ඡා පවත්වමින් සිටින අතර, ගාසා තීරයේ රෆා පිවිසුම හරහා ඔවුන් ඊජිප්තුවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධව සාකච්ඡා කරන බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානී බෙනට් කුරේ මහතා පවසා සිටී.

වැඩිදුරටත් ඔහු පැවසුවේ , ගාසා තීරයේ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු පදිංචිව සිටින අතර ඔවුන් මේ වනවිට ආරක්ෂිතව සිටින බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිවානයේ පදිංචි ශ්‍රීලාංකික පිරිසකගේ එකමුතුවකින් කිරිගවයින් නිදහස් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : කැබිතිගොල්ලෑව හඳගල පුරාණගල්ලෙන්...

කිරුළ රැකගන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හොංකොං බලා යති

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලහිරු මධුශංකගේ නායකත්වයෙන් ධනංජය ලක්ෂාන්,තනුක...

දියත උයන ආසන්නයෙන් මතු වූ මත්ද්‍රව්‍ය , අවි සහ මුදල්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඊයේ (04)...

”එකමුතු බවේ දෝංකාරය” සමාප්තිය සනිටුහන් කරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීම...