Breaking news : ශ්‍රී ලංකාව යේමනය සමඟ දෙවන තරගය සම කර ගනියි

Date:

පාපන්දු ලෝක සූරතාවලිය සඳහා ආසියානු සුදුස්සන් තේරීම සඳහා පවත්වන පාපන්දු තරගාවලිය යටතේ දෙවන හමුව යේමනය හා සම ලකුණු ලබමින් නිමා කර ගන්නට ශ්‍රී ලංකාව මීට ටික මොහොතකට පෙර සමත් වුණා.

ගෙවුණු 12 දා සවුදි අරාබියාවේ අබා හී පැවති තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 3- 0 ට පරාජය වීමෙන් පසුව මෙම තරගයට මුහුණ දුන්නා.දේශපාලන බලපෑම් එල්ලවීම පදනම් කරගෙන ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩාව ශ්‍රී ලංකාවට තහනම් ව තිබී සහභාගි වූ දෙවන තරගය ජය පැරදුමෙන් නිමාවට පත් වුණත් වැඩි දක්ෂතා ඉදිරිපත් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකාවයි.කාලයක් ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටීම,කණ්ඩායමක් හැටියට බොහෝ කාලයක් එකට ක්‍රීඩා කර නොසිටීම වැනි කරුණු ලකුණු රැස් කිරීමට තිබුණ අවස්ථා කිහිපයක්ම මඟ හැරෙන්නට හේතු වුණා.

ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම් වල 207 වන ස්ථානයේ සිටියදී,156 වන ස්ථානයේ සිටින යේමනයට එරෙහිව දක්වන ලද දස්කම් අගය කළ යුතුයි.දේශපාලන බලපෑම්වලින් ඇති කරන ලද පාපන්දු තරඟ ඉඩෝරය නිමා කරමින් මේ තරඟයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය ලබාගැනීමේ අවස්ථාව නායක චරිත රත්නායකට හිමි වුණා.

නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...

නගර තුනක ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් ළඟදීම අපි පවත්වනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 22 කොළඹ LNW : ඒකාබද්ධ විපක්ෂයෙන් තවත්...